Pages

Sunday, June 1, 2014

සැමියගේ පටලැවිල්ල




ඔන්න තවත් පොඩි රසකතාවක් කියන්නයි මේ සූදානම. මේකත් වෙලා තියෙන්නේ ටිකක් ඈත ගමක. ඔන්න මෙහෙමයි සිද්ධිය ඕං. මේ ගමේ කසිප්පු ගුබ්බෑයමක් පටන්ගෙන කරගෙන යන්න පටන්ගත්තලු ටිකක් මදාවි වැඩ කරපු මනුස්සයෙක්. මේ වැඩෙත් එක්ක ඉතින් ගමේ මිනිස්සු මතට පුරුදු වෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් ඒත් එක්කම ගැමියන්ගේ ආර්ථික තත්වය වගේම සෞඛ්‍යතත්වය වගේ දේවලුත් ටිකෙන් ටික පිරිහෙන්න ගත්තේ ඉබේටම. ඔක්කොටම වඩා පවුල් ප්‍රශ්න ආරවුල් වැඩි වෙච්ච එක ගමටම හිසරදයක් උනාලු.
                   දැන් ඉතින් මේක ගමේ ගෑනු උදවියට හොඳටම දැනෙන්න පටන් අරගෙන. ගමේ ගොඩ දෙනෙකුට මේ තත්වය හිසරදයක් වෙලා මේකට පිළියමක් කරන්න එක එක සැලසුම් කරා. මේ අතර ගමේ කුලඟන සමිතිය ඇතුලු කාන්තා සමිති වලිනුත් එක එක යෝජනා ගෙනැත් පවුල් ප්‍රශ්න වලදී කාන්තාවන් කෙසේ ක්‍රියා කළයුතුද කියන එක සාකච්ඡා කරන්න පොඩි රැස්වීමක් කැඳෙවුවලු ගමේ ගෑනු උදවිය එකතු කරගෙන.
              ඉතින් රැස්වීම පටන් අරගෙන එක එක ප්‍රශ්න කතා කරලා තම තමන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක රණ්ඩු වෙන්නේ නැතිව හැකි තරම් මේ ගැටළු විසඳගන්න පුළුවන්නම් ඒකට මුල් තැනක් දෙන්න කට්ටිය තීන්දු කරගත්තලු. මේ අතරේ රැස්වීමේ මුලසුන ගෙන කතා කළ ගෑනු කෙනා කිවුවලු මේවගේ ප්‍රශ්නවලදී සැමියාට ආදරයෙන් කතා කර ප්‍රශ්න විසඳාගන්න උත්සහ කරන්න කියලා. ඔන්න බොලේ මේක කිවුව ගමන්ම වැඩසටහනට සහභාගි වෙලා හිටපු එක ගෑනු කෙනෙක් නැගිටලා කිවුවලු සැමියා ගැන මම බලාගන්නම් මේ ගමේ ඉන්න අනෙක් පත්තිතිනි අම්මලා එයාට ආදරෙන් කතා කරන්න ඕන නෑ කියලා. දැන් සංවිධායක මඩුල්ලම බැලුවලු මොකක්ද මේ හතර බීරි කතාව කියලා. බැලින්නම් මේකයි සිද්ධිය. අර සැමියා ගැන එයා බලාගන්නම් කියලා කියලා කියපු ගෑනු කෙනාගේ මනුස්සයගේ නම "සැමී" ලු. ගමේ අය මිනිහට කියන්නේ "සැමිය" කියලා හරියට නිකම් නලීන් අයියට නලියා කියනවා වගේ. ඉතින් මේ ගෑනු කෙනා අර කතාව වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ "සැමියා" කියලා හැමෝම කියන එයාගේ මනුස්සයට ආදරෙන් කතා කරන්න කියලා ගමේ ඔක්කොම ගෑණු අයට කිවුවා කියලා. කොහොමෙන් කොහොමෙන් හරි කතාව පත්තරේටත් ගියා ඕං. රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ මමත් ඒක බ්ලොගේ දැම්මා අපේ යාළුවො සේරටම කියවල ටිකක් හිනා වෙන්න.

10 comments:

  1. හි හි මගේ සැමියාගේ නමත් ලගින් යන එකක්,,

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ ඌව තමා කියවපු ගමන්

      Delete
  2. මාත් ආව.කතාව ලස්සනයි

    ReplyDelete
  3. කතාව නියමයි.................... කෝකටත් සැමියා පරිස්සම් කරගන්න එක හොඳයි නෙව...............

    ReplyDelete
  4. නලියව බලාගන්න කවුරුත් නැද්ද එතකොට

    ReplyDelete
    Replies
    1. නලියව බලාගන්නෙ ගල් පොල්..හාමිනේලා

      Delete
  5. චුට්ටක් කාර්‍යබහුල උනා මේ දවස් දෙක තුනේ බොහොම ස්තුතියි මේ පැත්තේ ආව ගිය අය සේරටම.

    ReplyDelete
  6. හා හා පට්ටයි. ජය වේවා

    ReplyDelete
  7. සැම්යට අනං මනං කියනවා නෙමෙයි. අපේ අප්පුච්චත් සෑම්සන්. එතකොට බ්ලොග් ලියන එකා.... ඌත් සෑම්..

    ReplyDelete
  8. හෙක් හෙක් පට්ට කතාව, ඔය වගේ වැරැද්ද ගන්න අත්තියෝ කොච්චාර ඉන්නවද.

    ReplyDelete