Pages

Tuesday, June 10, 2014

සිග්නල් හුටපටේ

             

මේකත් පුංචි රසකතාවක් ඕං. ඉතින් මෙන්න මෙහෙමයි සිද්ධිය. දවසක් එක්තාරා යාළුවෝ දෙන්නෙක් පොඩි පාටියකට ගිහිල්ල මත්පැන් එහෙම ටිකක් විතර සප්පයම් වෙලා ලාවට වැදිල ඉන්න වෙලාවේ යන්න පිටත් උනාලු. ඒ වෙනකොට තරමක් රෑ බෝවෙලයි තිබුණේ ඔන්න. ඉතින් දෙන්නත් එක්ක යන්න පිට ටුනේ එක යාළුවෙකුගේ කාර් එකෙන්. ඔන්න ඉතින් ටික දුරක් වාහනේ පදවගෙන යනකොට පොඩි අකරතැබ්බක් උනාලු මගදි. උනේ හදිසියේම හෙඩ් ලැයිට් ක්‍රියා විරහිත වීම. සමහර විට ෆියුස් පිච්චෙන්න ඇති. හේතුව මොක උනත් දැන් දෙන්නට ගානට වැදිල හින්ද ලෙඩේ හොයන්නත් අමාරුයි. දැන් ඉතින් මොකද කරන්නේ?. ඔන්න එක්කෙනෙකුට පොඩි අදහසක් පහල උනා. මිනිහා කිවුවා කාර් එක එලවගෙන ගිය යාළුවාට අපි යන දිහාවටම යන වෙන වාහනයක් පස්සෙන් යමු කියලා. අනෙක් යාළුවත් ඒක අනුමත කරලා දෙන්නම දැන් ඒ පැත්තට යන වාහනයක් පස්සෙන් ඒගොල්ලන්ගේ කාර් එකත් එලවගෙන ගියා ඕං.
               ඔන්න ඉතින් කිසි කරදරයක් නැතිව වාහනේ එලවපු යාළුවා බොහොම සාර්ථකව අර ඉදිරියෙන් යන වාහනේ ෆලෝ කරා. මෙහෙම ඒ වාහනේ පස්සෙන් සෑහෙන දුරක් ගියාට පස්සේ ඔන්න අර ඉස්සරහෙන් ගිය වාහනේ එක පාරටම නැවැත්තුවාලු  කිසිම සිග්නල් එකක්වත් නොදී. සිග්නල් ඉතින් බ්‍රේක් තමයි. ඒත් පස්සෙන් ගිය යාළුවෝ දෙන්නට පොඩ්ඩක් වැදිල හින්ද මේ කිසිදෙයක් එච්චර ගානක් නෑ. හිටපු ගමන් මේ වෙච්ච වැඩේට වාහනේ එලවපු යාළුවට පොඩි කේන්තියකුත් ආවා. මිනිහා කාර් එකෙන් බැහැලා අර ඉස්සරහ වාහනේ එලවපු මනුස්සයගෙන් ඇහුවලු තමුසේ මොකද ස්ලෝඩවුන් සිග්නල් එකක්වත් අතින්හරි දාන්නේ නැතුව එකපාරට වාහනේ නැවැත්තුවේ කියලා. දන්නැද්ද ඉතින් ඩෝප් ගතියත් තිබුනනේ. මෙහෙම අහද්දී අර ඉස්සරහ වාහනේ මනුස්සයා ඇහුවලු. යකෝ මගේ ගෙදර මිදුලේ මගේ වාහනේ නවත්තන්න තමුසෙලට සිග්නල් දෙන්නේ මොන මගුලටද කියලා. බැලින්නම් අර දෙන්නා ඉස්සරහින් ගිය වාහනේ පස්සේ ඒ මනුස්සයාගේ ගෙදරටම ගිහිල්ලා.
 
                                      

10 comments:

  1. අපොයි පට්ට ගහපු කතාවක්... ලියපංකො අළුත් එකක් ..බැරිනං නිකං හිටපං

    ReplyDelete
  2. තරුණයා පත්තරේ මේ කතාව තිබුණා මටත් මතකයි. හැබැයි දැන් ගොඩක් කල්. ඒ කතා තාම රසවත්.

    ReplyDelete
  3. වැඩක් නෑ බං අහල තියනවා..

    ReplyDelete
  4. පස්ට කතාව....................... හැක්... හිනාගිය........

    ReplyDelete
  5. අහලා තියෙනවා.. ඒත් ඔන්න ඔහේ ආව එකේ කියලා කියවලම දැම්මා..

    ReplyDelete
  6. මං කියවල තියෙන එකේ පස්සෙන් ගිය එකා ඇරල දානවා ..ඊට පස්සෙ වලියෙදි තමයි දන්නෙ අර කාරෙක දැන් තියෙන්නෙ උගෙ ගරාජ් එකේ කියල.
    ඌ අහනව ඇයි යකෝ මගෙ කාරෙක මගෙ වත්තෙ මගෙ ගරාජ් එකේ නවත්තන්න මොන **කේ සිග්නල්ද කියල ..

    ReplyDelete
  7. පකිස්.....වෙනසක් කරන්න ට්‍රයි කරපන්...මගේ හිතට ආව නිසා කිව්වේ.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි කමෙන්ට් දාපු ඔක්කොටම. වෙනසකුත් කරන්නම්කෝ " arugeadaviya " කියපු විදිහට.

    ReplyDelete