Pages

Thursday, June 12, 2014

මෙට්‍රික් ක්‍රමයට හැරිච්ච කාලේ මතක කාටද?




මේ කතාව මම අහපු එකක්. නමුත් ඔය දේවල් වෙච්චි කාලේ මම ඉපදිලත් නෑ. සමහර විට අපේ යාළුන්ගෙන් කාට කාට හරි මේ රසවත් සිද්ධිය මතක ඇති. ඔන්න ඉතින් මේකයි කතාව. ඔය කවුරු කවුරුත් දන්නවනේ මිනුම් ක්‍රම ගැන. ඒ වගේම වර්තමානයේ මිනුම් කටයුතු කරද්දී භාවිතා වන මෙට්‍රික් ඒකක භාවිතයට එන්න ඉස්සර වෙලා පාවිච්චි වුනේ පැරණි සීජීඑස් ක්‍රමය කියලත් ගොඩක් අයට මතක ඇති. ඒ කියන්නේ අපි හිතුවොත් උදාහරනයකට දිග මැනීම කියලා පැරණි ඒකක ක්‍රමයට යාර, අඩි, අඟල් තමයි භාවිතා වෙන්නේ. මෙට්‍රික් ක්‍රමයටනම් මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්. මුළු ලෝකෙම මෙට්‍රික් ක්‍රමයට ඒකක ගණනය කිරීම් සම්මත කරගන්නකොට ලංකාවෙත් මේ වැඩේ උනා. ඒ කාලේ අපේ රටෙත් පාසල් ළමයි ඇතුලු පිරිස් මේ ගැන විවිධ බැනර් ප්‍රදර්ශනය කරමින් බස් බොඩි වල ලියමින් හරි උනන්දුවෙන් මේ පණිවිඩේ රටටම ගෙනියන්න කටයුතු කළාලු. ඔන්න ඉතින් මෙහෙම බිත්ති වල බස් බොඩි වල ලියපු වදන් වැකි බොහොමයක සඳහන් උනාය කියන්නේ "අපිත් මෙට්‍රික් ක්‍රමයට හැරෙමු" කියන වාඛ්‍ය ඛණ්ඩය. ඔය අතරේ සමහරු විහිලුවට මේ වාක්‍යයේ "හැරෙමු" කියන කෑල්ලේ (හැ ) යන්න මැකුවලු. දැන් මේක කාටත් පෙනුනේ       " අපිත් මෙට්‍රික් ක්‍රමයට  රෙමු" කියලා. මේක ඒ කාලේ සෑහෙන විනෝදාශ්වාදයක් ඇතිකරපු සිද්දියක් වෙලා තිබුණ කියලත් ආරංචියි ඕං.

8 comments:

  1. මම නං ඇහුවෙත් අදමයි ඕං....
    මොකෝ ඔය කියන කාලෙ අපි ඉපදිලත් නැතිවඇතිනෙ නේහ්..

    ReplyDelete
    Replies
    1. මමත් ඕක අහපු එකක්. ඒකාලේ මම ඉපදිලත් නෑ.

      Delete
  2. එහෙම කරමු. ඇයි බං ඒඩ්ස් භයානකයි මැකුවොත් හිරේ ඒකත් ආතල් නේ

    ReplyDelete
  3. කවුරු මෙට්‍රික් ක්‍රමයට හැරුනත් අමෙරිකා එක්සත් ජනපදය හුඟක් අංශවලින් තාම යන්නෙ ඉම්පීරියල් ක්‍රමයට

    ReplyDelete
  4. අපිත් පාසල් යද්දි බස් වල වැඩිපුරම ලියුවේ අනේ මාව නාවන්න කියලා..... හැක්.. ඒ කාලේ එළස්... කතාවත් එළස්ය.............

    ReplyDelete
  5. අපි ඒ කාලේ හිටියේ නෑ බං..

    ReplyDelete
  6. ඒකට කියන්නෙ මෙට්‍රික් ක්‍රමේ කියල දැනගත්තෙත් අද නොවැ.. :D

    ReplyDelete
  7. එහෙමත් -රෙන්න පුලුවන්ද ?

    ReplyDelete