Pages

Tuesday, June 17, 2014

අලුත් වාහනේට ආශිර්වාදය ලබාගත්ත හැටි

  

ඔන්න දවසක් සිංහල මනුස්සයෙකුයි දෙමළ මනුස්සයෙකුයි මුස්ලිම් 
මනුස්සයෙකුයි සල්ලි දාලා හවුලේ වාහනයක් ගන්න අදහස් කළාලු. ගත්තේ බස් එකක් පාරේ දාලා දුවල කීයක් හරි හම්බ කරගන්න. ඉතින් මේ තුන්දෙනා කතා කරගත්ත විදිහටම තීරනයකට ඇවිල්ලා තුන්දෙනාගෙම සල්ලි වලින් බස් එක ගත්තා. දැන් ඉතින් ඉස්සරෝම සුභ කටයුත්තකට අත ගහනකොට ආගමේ ආශිර්වාදයත් ගන්න එපායෑ. එහෙම හිතලා සිංහල මනුස්සයා මුලින්ම වාහනේ අරන් පංසලට ගිහිල්ල පිරිත් කියලා සුක්කානම වටේ පිරිත් නූලක් ගැටගහගත්තලු. දෙමල මනුස්සයා වාහනේ කෝවිලට ගෙනියලා සුක්කානමේ පඬුරක් ගැටගැහුවලු. එහෙම කරලා ඒ දෙන්නා ඇවිත් අර මුස්ලිම් මනුස්සයාට කිවුවලු අපිනම් ආගමේ විදිහට ආශිර්වාදෙ ගත්තා දැන් උඹත් ආගමේ විදිහට කැමති දෙයක් කරපන් කියලා. මුස්ලිම් මනුස්සයා වැඩිය බල බල හිටියේ නෑ වාහනේ ගරාජ් එකකට ගෙනියලා බාස් කෙනෙකුගෙන් යකඩ කපන කතුරක් ඉල්ලගත්තලු. එහෙම ඉල්ලගෙන මිනිහ වාහනේ දුම් බටෙන් අඟලක විතර කෑල්ලක් කපලා දැම්මලූ. ඔන්න ඉතින් බ්ලොගේට දැම්ම කතාව මතක් උන වෙලාවේ.

14 comments:

  1. අන්න ඒ මුස්ලිම් මනුස්සයවයි සිංහල මනුස්සයවයි අලුත්ගමදී හිරේ දාලා ..... දෙමල මනුස්සයා හිනා වේවි බස් එක දුවනවලු

    ReplyDelete
  2. එතකොට තමයි සද්දේ දාගෙන යන්නේ...

    ReplyDelete
    Replies
    1. සද්දෙ එපායෑ වැඩේ නැතත්

      Delete
  3. කොහොමද බොල කතුරෙන් බටේ කැපුවේ කියපන්කෝ කොනකපාලර්....

    ReplyDelete
    Replies
    1. ඒක උගෙන්ම තමයි අහන්න වෙන්නේ.

      Delete
  4. හිහි....
    ඒකත් මහ පිස්සු කේස් එකක් නෙ

    ReplyDelete
    Replies
    1. චාරිත්‍රානුකූලවනේ කළේ

      Delete
  5. එන්ජිම වැඩ කරනවා කියල අගේට තේරෙන්නේ එතකොට

    ReplyDelete
  6. ඒකත් එහෙමයි නෙහ්..

    ReplyDelete
  7. ඒකත් හරි පකිස්..... මොක ද දුවත ඇහැකි හෝ ගාලා........................ඇති හිතෙන්නැතුව වාහනේට.............. හැක්

    ReplyDelete
  8. එන්ජිම තිතට දුවනවා ඇති..

    ReplyDelete
  9. හවුලෙ වැඩක් කරන්න මුං තුන්කට්ටියට බැරි එකනෙ කරුමෙ..

    ReplyDelete
  10. හෙහ්, බස් එක ඉතින් එතනමලු..

    ReplyDelete