Pages

Friday, June 17, 2016

සාලා පද පේලි


දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි        පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි   පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත්               සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා

උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම       තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට             කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර          අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත්   බැරිම උනා

පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන්   කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි              වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ  ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට       දැම්මාය හිටං

හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ              අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න          පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය                       අපට එපෝ

ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන්      උත්තර බැන්දෝ

කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි       ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන්  අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ           පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි                  
   අපි කියනෝ

පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන්       මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව                    ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල     දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට්   එක පෙන්නන්නේ

සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට    බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම    කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට     මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ           යන්නටයි ගියේ

Sunday, May 8, 2016

ලෝකයේ මිල අධිකම කෝපි


ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම්  " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට "  cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet  " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
                 මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්‍රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්‍රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
             ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. 


තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/    
     

Sunday, April 24, 2016

අධෝමුඛයක් කථා කරයි



පුක් පුක් පුක් පුක්............

එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....

පුක් පුක් පුක් පුක්...........

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........

පුක් පුක් පුක් පුක්............

අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........

පුක් පුක් පුක් පුක්.......

මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........

පුක් පුක් පුක් පුක්........

ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........

පුක් පුක් පුක් පුක්..........

ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................

පුක් පුක් පුක් පුක්............

ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......


Sunday, April 3, 2016

ගෙදරදි හදාගන්න පුළුවන් පොඩි ගැජමැටික් ටිකක්


සරල වතුර මෝටරයක්


සරල බ්ලෝවරයක්



සරල ෆ්ලෑෂ් ලයිට් එකක්


සෙල්ලම් බෝට්ටුවක්


සෙල්ලම් මෝටර් කාර් එකක්


ගිනි පෙට්ටියෙන් මයික්‍රෆෝන් එකක්


සරල රෙදි සෝදන යන්ත්‍රයක්


Sunday, February 28, 2016

විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම


ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, February 3, 2016

එන්සිනාට නිවන් සුව අත්වේවා...!


පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.