ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.
Saturday, December 5, 2015
මේ වගේ පට්ට ආතල් වැඩ ජීවිතේට වෙලා තියෙනවද ?
ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.
Sunday, November 22, 2015
පන පලයන් පෙරේදට කිවුවලු
ඔන්න අද උදේ අන්තර් ජන්ජාලයෙන් රට තොටේ විස්තර බලන අතරේ පස්චාත්බාගයෙනුත් හිනා යන කතාවක් දැක්කා ඕං. මේ දවස් වල ඉතින් මාධ්‍ය පුරාවටම තියෙන්නේ බජට් එකේ විස්තරනේ. ඔන්න මේ නිවුස් එක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටටම කිවුවයි කියන බඩට දැනෙන වෙනස්කම් ගැන නෙවෙයි රටට දැනෙන වෙනස්කම් ගැන හිතන්න කියලා අළුත් බජට් එක ගැන කියපු කතාව. එතුමා එහෙම කියල තියෙන්නේ ගාල්ලේ ඉමදූව පලාතේ පැවති උත්සවයකට සහභාගී වෙන අතරෙලු. ඒ කියන්නේ බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන්න කියලා තමයි එතුම කියල තියෙන්නේ. මෙතන ඔය කතාව අහන කාටත් අධෝමුඛයෙන් හිනා යන සිද්ධිය වෙන මොකක්වත් නෙවෙයි මෙයාව බලයට ගේන්න කැප වෙලා වැඩ කළේම රට ගැන හිතනවට වඩා කවදත් බඩ ගැන හිතන එවුන් යහපාලන බේගල් විශ්වාස කිරීම කියන එක.
සිරිසේන උන්නැහේ මේ කතාව කියල තියෙන්නේ සිංහල භාශාවෙන් නිසා එතුමා සිංහල බහුතරයකට විශේෂයෙන් ආමන්ත්‍රනය කරපු බවත් පැහැදිලියි. ඔය කතාව එක අතකට දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි පුළුවන්නම් අරාබි භාශාවෙනුයි කිවුවනම් බඩ ගැන හිතනවට වඩා තම තමන්ගේ මනෝ රාජ්‍ය ගැන හිතන දෙමළ මුස්ලිම් ජාතිවාදී බෙදුම්වාදියෝ ටිකට හොඳට තෙරෙන විදිහට ඔවුන්ව අමතන්න පුළුවන්කම තිබුණා. ඇයි ඉතින් ජනවාරි 8 වෙනිදා මේ සේරම බෙදුම්වාදී පිසාච්චයෝ ටික උන්ගේ මනෝ රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නනේ සිරිසේන මහත්තයව ජනාධිපති කරගන්න කැප වුනේ. එච්චරක්යෑ උන් සේරම බඩට වෙන වෙනස් කමයි අනාගතේ තමන්ට රටෙන් පැත්තක් ලියාගෙන කරගන්න වෙනසයි ගැනත් හොඳට දැනගෙන හිටියනේ.
මෛත්‍රීපාල මහත්තයා ඔය කතාව සිංහලෙන් කියලා බහුතරයක් සිංහල මිනිස්සුන්ට ආමන්ත්‍රනය කරන්න හිතනවනම් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනවාරි 8 වෙනිදාත් බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතපු සිංහල බහුතරයක් එතුමගෙ යහපාලනේට විරුද්ධවයි චන්දේ දුන්නේ. බඩට දැනෙන වෙනස්කම් වලට වඩා කවදත් රටට දැනෙන වෙනස්කම් ගැන හිතන මිනිස්සු හැමදාම හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාපු විජාතික බලවේග වලට එරෙහිව ජාතික බලවේග පැත්තේ. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතපු සිංහල සුළුතරයක් තමයි දෙමළ මුස්ලිම් ජාතිවාදී බහුතරයක් එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයට චන්දේ දුන්නේ. ඒ අතින් බැලුවත් සිරිසේන මහත්තයට වැඩි සහයෝගයක් තියෙන්නේ රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන අයගෙන්. සිරිසේන මහත්තය දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේ මනෝරාජ්‍ය පැත්තෙන් හිතලනම් කතාව කිවුවේ ඒ අයගේ පැත්තෙන්නම් කතාව හරි. අනේ ඉතින් ඔබතුමා කියන විදිහට ජනවාරි 8 වෙනිදත් අර බඩට වෙන වෙනස්කම් ගැන හිතලා ඔබතුමාට චන්දේ දීපු සිංහලයො ටික රට ගැන හිතල චන්දෙ දීල තිබුණනම් ඔබතුමා අද ජනාධිපති නෙවෙයිනේ. සිරිසේන මහත්තයෝ තමුන්ව බලයට ගෙනාවෙම රට ගැන නොහිතා බඩ ගැන හිතන සිංහල සුළුතරයකගේ මෝඩ ගතිය කියල දැනගෙනත් මේ වගේ නොගැලපෙන කතා කියන එක හරිද?අදටනම් හැබැයි බඩටත් කෙලවෙලා රටටත් කෙලවෙනව කියල ඔබතුමාට චන්දේ දීපු බඩ ගැන හිතන කට්ටියගෙනුත් වැඩි හරිය තේරුම්ගෙනයි තියෙන්නේ.
Wednesday, November 11, 2015
ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්
ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.
Saturday, November 7, 2015
කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.
රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.
Wednesday, October 28, 2015
කනගාටුව ප්‍රකාශකළාම ඔක්කොම හරිද ආයිබොවන්?
අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නේ ලෝකේ කිසිම රටක සිද්ද නොවන වර්ගයේ අමුතුම සිදුවීම්ය. මේවා බොහොමයක් ලංකාවටම ආවේනිකද කියා විටෙක අපට හිතේ. මේ ලඟකදී අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් අප ජීවත් වන අරුම පුදුම රටේ ජනතාවගේ ඒ තරම් කැමැත්තක් නැති අගමැතිවරයා විසින් විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ අංශයට කැඳවා ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කිරීමට හේතුව සියල්ලන් දන්නා කාරනයක් බැවින් එහි සැබෑව විස්තර කරන්නට යෑමෙන් පලක් නැත. වඩාත් සිනහවට කරුන වන්නේ සිද්ධියෙන් පසුව අපේ අරුම පුදුම රටේ අරුම පුදුම රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒබව තමා නොදැන සිටි බවත් තමා ඒ ගැන දැනගත්තේ ජන මාධ්‍ය මගින් බව හා තමාගෙන් නොවිමසා රනවිරුවන්ගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ගැන තමා කනගාටු වනබව ප්‍රකාශ කිරීමත් වේ. මෙහි ඇති අනෙක් සිනහවට කාරනය වන්නේ මෙසේ කියන අපේ ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවටද අනුව ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා වීමයි.
Labels:
ජාතිකත්වය,
දේශපාලන,
නීතිය,
බෙදුම්වාදය,
ශ්‍රී ලංකාව
Sunday, October 25, 2015
පරමාණු බෝම්බයක ක්‍රියාකාරිත්වය
පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රමාණු න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය සිද්දාන්තමය පැහැදිලි කිරීමක්.
පරමාණු බෝම්බයක් ක්‍රියා කරන්නේ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය වල විකිරණ මගින් ශක්තිය පිටකර ස්ථාවරත්වයකට පත්වීමේ ක්‍රියාවලිය සිද්ධාන්තයක් ලෙස ගෙනයි.
Friday, October 2, 2015
මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස
කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි.
අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල් වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.
නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.
අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.

Subscribe to:
Posts (Atom)