Pages

Wednesday, February 3, 2016

එන්සිනාට නිවන් සුව අත්වේවා...!


පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.

Monday, January 18, 2016

කෝපිකඩේ අබිලිං මාමාට නිවන් සුව පතමු


කෝපි කඩේ අබිලිං මාමා කියූ පමණින් ඔහු ගැන නොදත් කෙනෙක් අපේ රටේ නැති තරම්ය. ඒ තරමට කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව මෙරට ලොකු කුඩා කාගේත් සිත් සතන් තුල පැලපදියම් වී තිබේ. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් කතාබහට ලක් උනේ අපේම රටේ එදිනෙදා සිදුවීම් සමාජය තත්වය උපදේශන ආදිය වීමත් එහි රඟපෑ සියළු රංගන ශිල්පීන් ශිල්පිනියන් අපේම සමාජයේ අපටම හුරු පුරුදු චරිත නිරූපනයත් නිසා වේ. එදා මෙදා තුර කෝපි කඩේ තුලින් අප සියළුදෙනා රසගැන්වූ නළු නිලි කැල අතර අමතක කළ නොහැකි චරිතයක් වූයේ අබිලිං මාමාගේ චරිතයයි. මේ චරිතයට කිසි දින අමතක නොවන ලෙස පන පෙවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වූයේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු නම් කලා ශිල්පියායි. ඔහු කෝපිකඩෙන් අප හඳුනා ගත්තේ තරමක හාස්‍ය උපදවන චරිතයක් ලෙසයි. ඔහු දක්ෂ වේදිකා නළුවෙකු වන අතරම චිත්‍රපට ගනනාවකද රඟපා ඇත. නැවත අප හමුවට නො එන ලෙස ජීවිතයෙන් සමුගත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු රංගන ශිල්පියාට කෝපිකඩේ රසිකයෙක් ලෙස නිවන් සුව පතනවා.

Tuesday, January 5, 2016

මෙන්න මෙයා දැන් මෙහෙමත් කියනවලු


මුන්නැහෙගේ කතාවේ හරය සම්බන්ධයෙන් ඇතිවෙන හිරිකිතෙන් පිරි හාස්‍යජනක බව ගැන කියන්නට ඉස්සර වෙලා මේ උන්නැහේගේ ජනපති පදවිප්‍රාප්තියෙන් පසු කෙරුවාව ගැන ටිකක් මතක් කර ගන්න එක හොඳ වෙයි. වැඩි විස්තර ඕනත් නෑ. මේ යෝධය පොදු අපේක්ෂකය වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට ගෙන ආවේ රටට එරෙහි විජාතික බලවේග එකතුවයි. දූෂණයට අසාධාරනයට එරෙහි යහපාලනය යන රැවටිලිකාර කතාව පසුපස හැංගී තිබුණේද රටේ ජාතියේ බලාපොරොත්තු වලට එරෙහි විජාතික අභිලාශයන් ගොන්නකි. ජනාධිපතිවරණයේදීද සිරිසේන උන්නැහේව බලයට පත් කරන්නට ඇප කැප උනේ දෙමළ ජාතිවාදී ඊලාම්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, ඉන්දියාව බටහිර ඇතුළු රටෙන් පිටත විජාතික බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විදෙස් ඔත්තු සංවිධාන වේ. මේ අනුව බලන විට පැහැදිලි කාරනාව වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ නියෝජනය කරන්නේ රටේ ජාතික බලවේග පාර්ශවය නොව විජාතික කල්ලිය බවයි. සිරිසේන ගොයියා බලයට පත් උනේ විධායක ජනාධිපති ක්‍රමයටම දොස් කියමිනි. එහෙත් විධායක ජනාධිපති වූ වහාම මොහු කරේ ව්‍යවස්ථා විරෝධීව හා ජනමතයටද පිටින් 29 වතාවක් චන්ද පැරදී සිටි අප්‍රසාධජනකම පුද්ගලයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමයි. එතැනිනුත් නතර නොවූ සිරා දිගටම විජාතික බලවේග වල අභිලාශයන් ඉටු කරමින් විජාතික බලවේග වල ඒජන්තයා වූ හොර අගමැතියා ලවා රටේ ජාතික බලවේග වලට කළ හැකි සතුරු කම් උපරිම ලෙස කිරීමට අනුබල දුන්නේය.
                                                               

සිරිසේන උන්නැහේ බලයට ගෙනෙන්නට දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් ඇතුළු විජාතික නඩේ සමග එක්ව කටයුතු කළ සිංහල බෞද්ධ සුළු පිරිස ගැනත් දෙයක් කියන්නට තිබේ. ඒ සිරිසේනට සහය දැක්වූ සිංහල බෞද්ධයන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව එක්සත් ජාතික පක්ෂයට හිතවත් නාගරික ව්‍යාපාරික හා සංකර මධ්‍යම පාංතිකයන් බවයි. මොවුන් සාමාන්‍ය වශයෙන් අපේ රටේ සිංහල බෞද්ධ සමාජ දර්ශනය පිළිපැදීමට වඩා එය උපහාසයට ලක් කිරීමටත් කාබාසිනියා කිරීමටත් කැමතිය. සිංහල බෞද්ධ ගැමි සමාජය තුල දක්නට ඇති එකෙකුට එකෙක් එකතු එකමුතු ඒකාබද්ධ බවක් නාගරික කුල්ටූර් සිංහල බෞද්ධයන් තුල නැත. පවුල් සංස්ථාවද මේ නාගරික විච්චූරන සමාජයේ ශක්තිමත් එකක් නොවේ. මිනිස්සුන්ට හා ගැහැනුන්ට විවාහයට පිටින් යන අනියම් සම්බන්ධතා බොහෝ ඇත. මදුවිත සප්පායම් වී නයිට් ක්ලබ් වල රැය පහන් කරමින් සූදු කෙලීම ඇතුළු සියළු දුරාචාරන් වල නිරත වීම මේ නාගරික දියුණු යැයි කියාගන්නා ආටෝපයෙන් පිරුණු සමාජයේ සිංහල බෞද්ධයන්ට මහ ඉහලින් කැපය. සමහරුන්ගේ ලිංගික සදාචාරාත්මක බව කෙසේ වෙතත් ලිංගිකත්වයද අවුල්  වියවුල් එකකි. මේ සමහරක් පිරිමි ස්ත්‍රී පාර්ශවයට අකමැති අය මෙන්ම ඇතැම් කාන්තාවන් පුරුෂ පාර්ශවයට අකමැති විරුද්ධ ලිංගික ඇසුරට බිය සමලිංගික ඇසුරට වැටුන අය වෙති. ගමේ වෙලකට නොබැස්ස ඇලක දොලක නාන්නට නොගිය රටේ ගහක් කොලක් හෝ හරියට නොදන්නා මේ නාගරික සංකීර්ණ පොෂ් සමාජයේ සිංහල බෞද්ධයන්ට බටහිර සදාචාරයන් බිඳවැටී ඇති වූ සංකර ආටෝපයන් දිව්‍ය බෝජන තරම් වේ. රනිල් වික්‍රමසිංහ උන්නැහේගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් එක් රොක්වෙමින් විජාතික බලය තවත් ශක්තිමත් කරන මේ කුල්ටූර් සිංහල බෞද්ධයන් ජනාධිපතිවරනයේදී සිරිසේන වෙනුවෙන් තම චන්දය භාවිතා කළේ ඔවුන්ගේ ජීවන රටාවට සිරිසේනගෙන් ලැබෙන මාහැඟි සහයෝගය හොඳින් දැනගෙන ඒ මත විශ්වාසයද තබාගෙනය.
            

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ සදාචාරාත්මක වටිනාකම් ගැන යම් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණද සිරිසේන උන්නැහේජනාධිපති වූ වහාම ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. ස්‍රිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට එය ගැට ගසා දැම්මේය. සිරිසේන රටේ ජාතිකත්වය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. එහිදීත් විජාතික බලය උපරිම ලෙස වැඩි කර දෙමළ ජාතිවාදයත් බටහිර නව යටත්විජිතවාදයත් මුස්ලිම් ජාතිවාදයත් උපරිම ලෙස සනසන්නට කටයුතු කළේය. යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරේත් නැගෙනහිරත් තිබූ හමුදා බලය දුර්වල කර දෙමළ ඊලාම් බෙදුම්වාදය ශක්තිමත් කළේය. බෙදී වෙන් වෙන්නට ගිය රට විජාතික බලය පරයමින් කොටි ත්‍රස්තවාදය සුන්නද්දූවිලි කර බේරාගත් රනවිරුවන් අද යුධ අපරාධකරුවන් කරන්නට යන්නේ කිසිම හිරිකිතක් නැතිව දෙමළ ජාතිවාදයට හිතවත් බටහිර විජාතික බලවේග වලට එක්ව බලෙන් අධිකරණද රට තුල පිහිටුවා ගැනීමට ඉඩ දෙන්නට යන අතරේයි. මේ සියල්ලට සිරිසේන පාර කපා දෙන්නේ දෙමළ ජාතිවාදය ප්‍රමුඛ බටහිර විජාතික බලවේග වලට ගැතිකම් කරන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට බලවත් වීමට තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීම හරහා රටේ සදාචාරයට පමණක් නොව චාරය කෙසේ වෙතත් සාධාරන මිනිස් හැඟීම් දැනීම් ඇති බහුතරයක් පිළිකුල් කරන සමලිංගිකත්වයටද අනියම් පිළිගැනීමක් ඇති කරමින්ය. චාරයක් නැති විකුර්ති කාමාඅශාවන්ගෙන් පෙළෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට රටේ ඉහල වැදගත් තනතුරු පිරිමනමන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයායි. උතුරු ප්‍රදේශයේ විල්පත්තුවෙන් ඇසෙන්නේ ලක් පොළවට ඔරොත්තු  නොදෙන මට්ටමේ මහා වන විනාශයක අඳෝනාවකි. ඊටද මුල් වී ඇත්තේ රිෂඩ් බදුර්ඩීන් කියන ගස් ගෙවල පෙරේතයාගේ ( ජාතික සමගිය ගැන වද වෙන එවුන් ගැන මා තැකීමක් කරන්නේ නැත ) මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයයි.

             

මේ සේරම අස්සේ හරි අපූරු දේකුත් මෑතක උනා. ඒ තමයි ලෝක ප්‍රකට පොප් ගායක එන් රික් ලංකාවට ඇවිල්ල කරපු සජිවී ප්‍රසංගයක් අතරතුරේ අමන්දානන්දයට පත් තරුණියක් ඇයගේ තනපටය ගලවා එන් රික් වෙත විසි කිරීමයි. ඒ අවස්ථාවේම තවත් තරුණියක් වේදිකාවට පැන ගායකයා සිප වැලඳගෙන තිබේ. සියල්ල අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් ප්‍රසිද්ධියට පත් වුනි. සාමාන්‍ය ලෙස බැලුවොත් මේ වගේ සිද්ධියකදී අපේ රටේ මහා සදාචාර සම්පන්න සිල් රකින චරිතවත් මිනිස්සුන්ට රටේ සංස්කෘතික වටිනාකම් මතක් වේ. මෙදා සැරේත් එහෙම උනත් වඩා කලබලයට පත් උනේ අපේ රටේ ලැජ්ජ බයට හැදිච්ච් සදාචාර සම්පන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්තමයායි. අම්පාර ප්‍රදේශයේ පැවති දහම් පාසල් සිසුන් ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමින් හේ මහත් උජාරුවෙන් කීවේ තමා හොඳ සිංහල බෞද්ධයෙකු ලෙස බෞද්ධ සදාචාරයන්ට පටහැනි අපේ හැදියාවන්ට නොගැලපෙන මෙවැනි අශීලාචාර සන්දර්ශන පැවැත්වීමට නැවත ඉඩ නොදෙන බවයි. තරුණියන්ගේ හැසිරීම කොහොම වෙතත් සංදර්ශන සංවිධානය කරන උදවියට මඩු වලිග පහර දිය යුතු බවත් විලිබිය ඇතිව හැදුනු අපේ ජනපති කෝපයෙන් කියා තිබේ. ඔහුගේ කතාව රජයේ ඇතුළු අනෙකුත් පෞද්ගලික ජන මාධ්‍ය වලින්ද ප්‍රචාරය විය. මේ ප්‍රවුර්තිය ඇසූ සැනින් මටනම් සිනහව නවතා ගත නොහැකි විය. මම හිතන්නේ මට විතරක් නොව මේ කතා මාධ්‍ය වලින් ඇසූ රටේ මෑතක වෙන සිද්ධි ගැන අවධානයෙන් සිටි බුද්ධිමත් සියළු දෙනාට සිරිසේන ගොයියාගේ කතාවට සිනහ පහල වීම පුදුම වෙන්නට දෙයක් නොවන බවයි. සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි හරහා අනාවරනය උනේ සිරිසේන උන්නැහේගේ බෑනාද මේ සංදර්ශනය නරඹා ඇති බවයි. මේවට පුකෙනුත් හිනාය. සංදර්ශනයේ සංවිධායකයන්ට මඩු වලිග පාර දෙන්නට කලින් සිරිසේන මහත්තයා තමන්ගේ බෑනාව අල්ලා ගස් බඳිනවනම් හොඳය. සදාචාරසම්පන්න ජනාධිපතිගේ චාරයක් නැති බෑනාගේ හැටිය ඒ.

                            

සිරිසේන මහත්තයාට හිටි අඩියේ හෝ සදාචාරයත් සිංහල බෞද්ධකමත් මතක් වීම ගැන මටනම් පොඩි සතුටක් දැනෙයි. එහෙත් උන්නැහේට ඔය ටික ජනවාරි 8ට කලින් මතක් උනානම් කදිම යැයි දැන් සිතේ. ඒ එසේ වී තිබුනානම් චාරයක් නැති අශ්ලීලයන් සිංහල බෞද්ධ විරෝධී විජාතික හොරිකඩයන් දෙමළ ජාතීවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සමග එක්ව රටේ ජාතිකත්වයටත් සදාචාරයන්ටත් එක්සත් ජාතික පක්ෂයයට වඩා හිතවත් රජයක් හා නායකත්වයක් පෙරලා දමා චාරය හැදියාව හෝ ජාතිකත්වය නැති මොන්ගල් රූකඩ ආණ්ඩුවක් හැදීමේ බලපෙරලියේ ඉත්තෙකු වීමට සිරිසේනට නොහැකි වීමට තිබූ බැවිනි. එය ඒ ආකාරයෙන් කිරීමට අපොහොසත් වී එදා රටේ සියළු සදාචාරයන් හා ජාතික බලවේගයන්ට එරෙහි විජාතික කපටි සූත්තරකාරයන්ගේ ඉත්තෙකු වෙමින් යහපාලන සළුපිලි වලින් වසා රටටත් ජාතියටත් විජාතික විෂ එන්නත් කළ සිරිසේන්ද දැන් මේ තනපටයක් දැක කලබල වී සිංහල බෞද්ධකමයි සදාචාරයයි ගැන කතා කරන්නේ? ජනවාරි 8 රටේ ජාතිකත්වයට හා සියළු සදාචාර අංගයන්ට කොඩිවිනයක් කළ සිරිසේන මහතා දැන් හදිසියේ නින්දෙන් ඇහැරී ස්ත්‍රී තන පටයකට බිය වැදීමෙන් තමා සදාචාරය අගයන හොඳ සිංහල බෞද්ධයෙකු යැයි කියමින් කරන කතා විශ්වාස කරන්නටනම් රටේ මනසක් ඇති පන තියෙන එවුන් මැරී ඉපදිය යුතුය. රටේ මුළු ජාතික දේහයම විජාතික විෂ එන්නත් කර අඩපන කළ පසු සිරිසේනට අඩු උනේ ගෑනු තනපට ගැලවෙනකොට තැති ගැනෙන සදාචාරාත්මක හැදියාව විතරද? සදාචාරයක් රැකෙන්නට මුලින්ම වසර දහස් ගනනක් අනන්‍යතාවය රැකුන ජාතියක් ඇති මේ රට ඒ අයුරින් ඉදිරියට රැකගන්නට ක්‍රියා කළ යුතුය. සදාචාරය බිඳ දමා සියළු දුරාචාරයන්ට අයිතිවාසිකම් නිර්මාණය කළ බටහිරින් ආදර්ශ ලබා ගන්නා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ සදාචාරයන් යම් පමණක් හෝ රැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිල්ලට දුන් සිරිසේනට තමන් කළ කී දෑ අමතක වී හදිසියේ සදාචාරසම්පන්න සිංහල බෞද්ධයෙකු මෙන් සාඩම්බර කතා කීමට ගොස් දැන් සිය වස්තරේම රෙවී ඇත. මේ කතා අසා සිටින්නන්ට හැඟෙන්නේ මුගේ ඔළුව කොහේ හෝ වැදී ජාතිය මතක් වී ඇතිය කියා මිස සිරිසේන සැබවින් ජාතියට ආදරයක් ඇති සදාචාරයක් තිබෙන කෙනෙක් කියා නොවේ. සිරිසේන උන්නැහේට දැන් ඉතින් කරන්නට තිබෙන්නේ රෙදි ටික හෝදාගෙන නාගන්නා එක මිස තවත් හත් පොලේ ගාගැනීම නොවේ.




Saturday, December 5, 2015

මේ වගේ පට්ට ආතල් වැඩ ජීවිතේට වෙලා තියෙනවද ?


ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.

Sunday, November 22, 2015

පන පලයන් පෙරේදට කිවුවලු


ඔන්න අද උදේ අන්තර් ජන්ජාලයෙන් රට තොටේ විස්තර බලන අතරේ පස්චාත්බාගයෙනුත් හිනා යන කතාවක් දැක්කා ඕං. මේ දවස් වල ඉතින් මාධ්‍ය පුරාවටම තියෙන්නේ බජට් එකේ විස්තරනේ. ඔන්න මේ නිවුස් එක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටටම කිවුවයි කියන බඩට දැනෙන වෙනස්කම් ගැන නෙවෙයි රටට දැනෙන වෙනස්කම් ගැන හිතන්න කියලා අළුත් බජට් එක ගැන කියපු කතාව. එතුමා එහෙම කියල තියෙන්නේ ගාල්ලේ ඉමදූව පලාතේ පැවති උත්සවයකට සහභාගී වෙන අතරෙලු. ඒ කියන්නේ බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන්න කියලා තමයි එතුම කියල තියෙන්නේ. මෙතන ඔය කතාව අහන කාටත් අධෝමුඛයෙන් හිනා යන සිද්ධිය වෙන මොකක්වත් නෙවෙයි මෙයාව බලයට ගේන්න කැප වෙලා වැඩ කළේම රට ගැන හිතනවට වඩා කවදත් බඩ ගැන හිතන එවුන්  යහපාලන බේගල් විශ්වාස කිරීම කියන එක.
                       සිරිසේන උන්නැහේ මේ කතාව කියල තියෙන්නේ සිංහල භාශාවෙන් නිසා එතුමා සිංහල බහුතරයකට විශේෂයෙන් ආමන්ත්‍රනය කරපු බවත් පැහැදිලියි. ඔය කතාව එක අතකට දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි පුළුවන්නම් අරාබි භාශාවෙනුයි කිවුවනම් බඩ ගැන හිතනවට වඩා තම තමන්ගේ මනෝ රාජ්‍ය ගැන හිතන දෙමළ මුස්ලිම් ජාතිවාදී බෙදුම්වාදියෝ ටිකට හොඳට තෙරෙන විදිහට ඔවුන්ව අමතන්න පුළුවන්කම තිබුණා. ඇයි ඉතින් ජනවාරි 8 වෙනිදා මේ සේරම බෙදුම්වාදී පිසාච්චයෝ ටික උන්ගේ මනෝ රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නනේ සිරිසේන මහත්තයව ජනාධිපති කරගන්න කැප වුනේ. එච්චරක්යෑ උන් සේරම බඩට වෙන වෙනස් කමයි අනාගතේ තමන්ට රටෙන් පැත්තක් ලියාගෙන කරගන්න වෙනසයි ගැනත් හොඳට දැනගෙන හිටියනේ.
                       මෛත්‍රීපාල මහත්තයා ඔය කතාව සිංහලෙන් කියලා බහුතරයක් සිංහල මිනිස්සුන්ට ආමන්ත්‍රනය කරන්න හිතනවනම් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනවාරි 8 වෙනිදාත් බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතපු සිංහල බහුතරයක් එතුමගෙ යහපාලනේට විරුද්ධවයි චන්දේ දුන්නේ. බඩට දැනෙන වෙනස්කම් වලට වඩා කවදත් රටට දැනෙන වෙනස්කම් ගැන හිතන මිනිස්සු හැමදාම හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාපු විජාතික බලවේග වලට එරෙහිව ජාතික බලවේග පැත්තේ. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතපු සිංහල සුළුතරයක් තමයි දෙමළ මුස්ලිම් ජාතිවාදී බහුතරයක් එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයට චන්දේ දුන්නේ. ඒ අතින් බැලුවත් සිරිසේන මහත්තයට වැඩි සහයෝගයක් තියෙන්නේ රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන අයගෙන්. සිරිසේන මහත්තය දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේ මනෝරාජ්‍ය පැත්තෙන් හිතලනම් කතාව කිවුවේ ඒ අයගේ පැත්තෙන්නම් කතාව හරි. අනේ ඉතින් ඔබතුමා කියන විදිහට ජනවාරි 8 වෙනිදත් අර බඩට වෙන වෙනස්කම් ගැන හිතලා ඔබතුමාට චන්දේ දීපු සිංහලයො ටික රට ගැන හිතල චන්දෙ දීල තිබුණනම් ඔබතුමා අද ජනාධිපති නෙවෙයිනේ. සිරිසේන මහත්තයෝ තමුන්ව බලයට ගෙනාවෙම රට ගැන නොහිතා බඩ ගැන හිතන සිංහල සුළුතරයකගේ මෝඩ ගතිය කියල දැනගෙනත් මේ වගේ නොගැලපෙන කතා කියන එක හරිද?අදටනම් හැබැයි බඩටත් කෙලවෙලා රටටත් කෙලවෙනව කියල ඔබතුමාට චන්දේ දීපු බඩ ගැන හිතන කට්ටියගෙනුත් වැඩි හරිය තේරුම්ගෙනයි තියෙන්නේ.

Wednesday, November 11, 2015

ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්


ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.

Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.