Thursday, August 24, 2017
බා බා බා... Part 3
ඔන්න විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් අයින් කරන්න කිවුවේ මමයි හරිද, බා බා......
විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මම කලින්ම කිවුවා රවී වගේ ඉල්ලලා අස් වෙන්න කියලා බා බා......... කොහෙද? ඇහුවේ නෑ
පස්සේ මම ජනාධිපතිතුමාට කිවුවා මෙයාව වහාම ඇමතිකමින් අයින් කරන්න කියලා
ජනාධිපතිතුමත් දවස් ගානක් බලන් ඉඳල තියෙන්නේ බා බා..... මගේ තීන්දුව මොකද්ද කියලා. මොකද ජනාධිපතිතුමාට මම තමයි හැම දේකටම උපදෙස් දෙන්නේ. මම කිවුව විතරයි විජේදාස අයින් කරන්න කියලා බා බා බා...... එතුමා ඒක කළා.
Tuesday, August 15, 2017
අසාර්ථක උමා ඔය සහ වෙල්ලස්ස ජල හිඟයට සැබෑ හේතුව.
ඒ තරම් විවේකයක් නැතත් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න හිතුනේ පහුගිය කාලේ සිද්ද වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධියක් මුල් කරගෙන. මම මේ කියන්න යන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි උමා ඔය සිද්ධිය ගැන. මේ ගැන දැන් ගොඩ දෙනෙක් හැඟීම්බරව කතා කරන්නේ ඒකෙන් උන පාරිසරික හානියයි ව්‍යාපෘතියේ අසාර්ථකත්වයයි ජනතාවට සිද්ධ උන පීඩාවයි පදනම් කරගෙන. ඒ සේරම සාධාරණයි. මෙතන ලොකු පාරිසරික හානියක් වෙලා තියෙනවා. මෙතන පරිසර සුරක්ෂිතතාවය ගැන සහතික දීපු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැනත් දැන් අපැහැදිමක් ජනතාව අතර ඇති වෙලා. මේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය දැන් එලිපිට පේනව. මෑතදී ආන්දෝලනාත්මකව මේ ව්‍යාපෘතිය ගැන කතා එලියට ආවේ හපුතලේ කඳුවැටිය හරහා ඉදිකරමින් සිටි උමගට විශාල වශයෙන් ජලය කාන්දු වීමත් එක්කයි. ඒ සිදුවීමට සමගාමීව බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව, ඇල්ල වගේ ප්‍රදේශ වල ජල මූලාශ්‍ර සිඳීයෑම ගිලා බැසීම් ආදිය සිද්ද උනා. මේක දැන් සුළුපටු පරශ්නයක් නෙවෙයි. මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ පසුගිය රජය පැවති කාලයේ. ආණ්ඩු පෙරලියත් එක්ක කාලයක් නැවතිලා තිබිලා පස්සේ නැවතත් මේ රජයෙන් ව්‍යාපෘතිය නැවත කරගෙන යන්න පටන් ගත්තා. ඒ සුපුරුදු පරිදිම මුල සිට ව්‍යාපෘතිය කරගෙන ගිය ඉරාන සමාගමත් එක්ක. මේ ව්‍යාපෘතියේ අහිතකර බලපෑම වැඩි වීමත් එක්ක මේක ආරම්භ කරපු අයයි දිගින් දිගට පවත්වගෙන ගිය අයයි දේශපාලන පිල් දෙකේ ඉඳන් එකිනෙකාට චෝදනා කරගන්මින් විවිධ අදහස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා.
ලොව ඕනෑම රටක් සංවර්ධන වැඩසටහන් දියත් කළයුත්තේ අදාල රටේ පරිසරයට හා
මනුස්ස ජන ජීවිතයට ඔබින අයුරින්. එසේ නොවුන කලට ලංකාවේ පමණක් නොව කොහෙත්
මෙවැනි අර්බුධකාරී තත්වයන් හටගැනීම වලක්වන්නට බෑ. ඒත් අපේ රටේ සිටින බොහෝ
සංවර්ධන වාදීන් කියා සිටින්නේ රට ඉදිරියට යෑමටනම් සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය
බව හා ඊට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. එවැනි පුද්ගලයන් මේ උමා ඔය ගැටළුව
සම්බන්ධයෙන් කියන්නේ ව්‍යාපෘතියේ තාක්ෂණික දෝෂ නිසා එය ගැටළුකාරී උනත් යම්
විදිහකින් තාක්ෂණික දෝෂ නොතිබී ව්‍යාපෘතිය ඉදිරියට ගියානම් එහි පාරිසරික
හානිය එතරම් ගනන් ගත යුතු නැති බවයි. අපේ රටේ දැනට තිබෙන ආණ්ඩුව හා කලින්
පැවති ආණ්ඩු සියල්ල මේ සංවර්ධන වාදීන්ගේ ලනු කන්නේ සීමාවක් ඇතිව නොවේ.
මහින්ද රාජපක්ෂ මහතාද යුධ ජයග්රහණයෙන් පසුව රටේ බහුතර ජනතාවගේ අරමුණු
අපේක්ෂා අනුව ක්‍රියා නොකර මේ සුළුතරයක් ඊනියා උගත් සංවර්ධන වාදීන්ගේ ලනු
කෑම රටේත් අවාසනාවක් උනා. මහින්ද රාජපක්ෂ මහතාට රට ත්‍රස්ත ග්රහනයෙන් හා
දෙමළ ජාතිවාදයෙන් මුදා ගැනීම ගැන උපරිම ගෞරවය හිමි වුවත් මේ රටට නොගැලපෙන
ව්‍යාපෘති සිහින තුල අතරමංව කටයුතු කිරීම අනුමත කරන්න බෑ. එය එතුමාගේ
දේශපාලන අනාගතයටත් බොහෝ දුරට බලපා තිබෙනවා.
රටක ජනතාවගේ ජීවන තත්වය යහපත් අයුරින් තබා ගන්නට ඒ කවර රටක් උනත් රටේ ස්වභාවික පරිසර පද්ධතියේ පැවැත්ම තීරනාත්මකව බලපානවා. ජීවත් වීමට සුදුසු වටපිටාව ජලය වාතාශ්‍රය කෘෂි ආහාර නිෂ්පාදනය සෞඛ්‍ය ආදී සියල්ලටම පරිසර පද්ධතියේ පැවැත්ම බලපානවා. එය එසේ නොවේ යැයි කියන්න කිසිදු උගත් සංවර්ධන වාදියෙකුට බෑ. ඒ වගේම පරිසරයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදී සංවර්ධන ව්‍යාපෘති කිරීම කොයි අයුරකින්වත් මිනිසුන්ගේ යහපතට හේතු වෙන්නේ නෑ. සංවර්ධන වාදීන් කියනු ඇත්තේ පරිසරයට ප්‍රමුඛත්වය දී රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කළ නොහැකි බවයි. ඔවුන්ගේ අවසන් තර්කය සංවර්ධන ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය කෙසේ හෝ කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය යන්නයි. ඇතැම් විට කෙනෙක් පරිසර හානිය අවම කරගෙන ඒ කළ යුතු යැයි කීමට බැරි නැහැ. එහෙත් ඒ අවමය කුමක්ද යන්න ඔවුන් පැහැදිලි කරයිද? සමහරක් උගතුන්ට අනුව මිනිසුන් යනු සොබාදහම වෙනස් කරන ජීවීන් විශේෂයකි. සොබාදහම වෙනස් කරන මිනිස් ක්‍රියාකාරකම් වලින්ම මිනිසුන්ගේ පැවැත්මම වල පල්ලට යන අවස්ථා මේ උගතුන් දැක නැතුවා නොවේ. එහෙත් එය පිළිගැනීමට මේ අය කැමති වේ යැයි සිතන්නට නොහැක. ලෝකයේ දියුණු යැයි කියාගන්නා රටවල් පවා දුරදිග නොබලා මිනිසුන් කරන සංවර්ධන ව්‍යාපෘති වලින් වන පාරිසරික හානියෙන් බැට කද්දී ලංකාවේ ගොන් සංවර්ධන වාදීන් කියන කතා තුට්ටුවකට ගනන් ගත යුතු නැත.කෙටියෙන් කියන්නට ඇත්තේ සංවර්ධනය වෙනුවෙන් අනෙකුත් ඕනෑම දෙයක් බිල්ලට දෙන්නට තරම් මන්දබුද්ධික තත්වයකට අප නොයා යුතු බවයි.
රටක ජනතාවගේ ජීවන තත්වය යහපත් අයුරින් තබා ගන්නට ඒ කවර රටක් උනත් රටේ ස්වභාවික පරිසර පද්ධතියේ පැවැත්ම තීරනාත්මකව බලපානවා. ජීවත් වීමට සුදුසු වටපිටාව ජලය වාතාශ්‍රය කෘෂි ආහාර නිෂ්පාදනය සෞඛ්‍ය ආදී සියල්ලටම පරිසර පද්ධතියේ පැවැත්ම බලපානවා. එය එසේ නොවේ යැයි කියන්න කිසිදු උගත් සංවර්ධන වාදියෙකුට බෑ. ඒ වගේම පරිසරයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදී සංවර්ධන ව්‍යාපෘති කිරීම කොයි අයුරකින්වත් මිනිසුන්ගේ යහපතට හේතු වෙන්නේ නෑ. සංවර්ධන වාදීන් කියනු ඇත්තේ පරිසරයට ප්‍රමුඛත්වය දී රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කළ නොහැකි බවයි. ඔවුන්ගේ අවසන් තර්කය සංවර්ධන ව්‍යාපෘති වලදී එම ව්‍යාපෘතිය කෙසේ හෝ කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය යන්නයි. ඇතැම් විට කෙනෙක් පරිසර හානිය අවම කරගෙන ඒ කළ යුතු යැයි කීමට බැරි නැහැ. එහෙත් ඒ අවමය කුමක්ද යන්න ඔවුන් පැහැදිලි කරයිද? සමහරක් උගතුන්ට අනුව මිනිසුන් යනු සොබාදහම වෙනස් කරන ජීවීන් විශේෂයකි. සොබාදහම වෙනස් කරන මිනිස් ක්‍රියාකාරකම් වලින්ම මිනිසුන්ගේ පැවැත්මම වල පල්ලට යන අවස්ථා මේ උගතුන් දැක නැතුවා නොවේ. එහෙත් එය පිළිගැනීමට මේ අය කැමති වේ යැයි සිතන්නට නොහැක. ලෝකයේ දියුණු යැයි කියාගන්නා රටවල් පවා දුරදිග නොබලා මිනිසුන් කරන සංවර්ධන ව්‍යාපෘති වලින් වන පාරිසරික හානියෙන් බැට කද්දී ලංකාවේ ගොන් සංවර්ධන වාදීන් කියන කතා තුට්ටුවකට ගනන් ගත යුතු නැත.කෙටියෙන් කියන්නට ඇත්තේ සංවර්ධනය වෙනුවෙන් අනෙකුත් ඕනෑම දෙයක් බිල්ලට දෙන්නට තරම් මන්දබුද්ධික තත්වයකට අප නොයා යුතු බවයි.
මොණරාගල වෙල්ලස්ස ජල හිඟයෙන් වේලී යෑමට බලපාන සැබෑම හේතුව ගැන කිසිවෙක් කතා කිරීමට අපොහොසත් වී ඇත. ඒ ගැන මාක්ස්වාදීන්ටත් පිළුනු මතවාද කරපින්නාගත් ඊනියා උගතුන්ටත් හිතාගන්නට නොහැක්කේ අසාර්ථක අධ්‍යාපන කරමයෙන් මොළ කුරුවල් කරගෙන තිබීම නිසා. වෙල්ලස්ස ප්‍රදේශයට බලපාන ජල හිඟයට මූලික හේතුව බදුලු දිස්ත්‍රික්කයේ ඉහල කඳුකර ප්‍රදේශ වසාගෙන ඒ පුරාවට ව්‍යාප්ත වී තිබෙන පයිනස් වගාවයි. පයිනස් යනු පොළවේ තෙතමනය රඳවාගන්නා ශාඛ විශේෂයක් නොවේ. පයිනස් පමණක් නොව බදුලු දිස්ත්‍රික්කයේ කඳුකර පදේශ වල වවා ඇති යුකැලිප්ටස් සයිප්‍රස් වැනි ශාඛද මෙවැනිම තෙතමනය රඳවා නොගන්නා ශාඛ වේ. ශීත රටවල පයිනස් ගස ඒ තරම් ගැටළුවක් නොවන්නේ හිම වැටෙන කාලය පුරාවට හිම ටිකෙන් ටික දිය වෙමින් පොළවට ක්‍රමානුකූලව ජලය එක් කිරීම නිසා. එහෙත් ලංකාවට මේ ගස් නොගැලපෙන්නේ පොළවේ ජලය පිටතට වාශ්ප කර හැරීමට අමතරව මේ ගස් වල පත්‍ර ස්වභාවය හැඩය අතු විහිදීම ආදිය පරිසරයේ මීදුම ජලවාශ්ප එක්කර පොළවේ තෙතමනය අඛණ්ඩව රඳවා ගැනීමට ඇති නොහැකියාවයි. එය සංසන්දනය කළ යුත්තේ ලංකාවේ ස්වභාවික කඳුකර වනාතර තුල ඇති ගහ කොළ වලින් කෙරෙන කාර්ය සමගයි.
ලංකාවේ කඳුකර වනාන්තර තුල ඇති ගහ කොළ එතරම් උසට නොවැඩෙන අතර ලඟ ලඟ අතු බෙදීම දක්නට ඇත. අතු වල ඇඹරුනු ස්වභාවයක් දක්නට ලැබේ. කුඩා පත්‍ර විශාල ප්‍රමාණ වලින් බොකුටු ගැසී පත්‍ර ගොන්නවල් ලෙස සැකසී ඇත. මේ ශාඛ වල කඳේ වෙනත් බොහෝ අපිශාඛ වර්ග එනම් පාසි උඩවැඩියා ලයිකන ආදිය විශාල වශයෙන් වැඩී තිබීමද විශේෂත්වයකි. මෙම ශාඛ පත්‍ර අතු කැබලි ආදියද පොළවට වැටුනු පසු ඉක්මනින් දිරාපත් වී පසට එකතු වේ. මේ සියළු ලක්ෂණ එම ශාඛ වලට පිහිටා ඇත්තේ විටින් විට කඳුකරය වසාගන්නා මීදුම් ව්ලාකුළු වල තෙතමනය ක්‍රමානුකූලව අවශෝෂණය කර ගැනීමටය. එක්වර තද වර්ෂාපතනයක් ඇති වුවත් මේ ගහකොළ සැකසී ඇති ආකාරය අනුව වර්ශා ජලය පොළවට එක් වන්නේත් පස සෝදාපාළු නොවී ක්‍රමානුකූලවයි. පයිනස් හෝ යුකැලිප්ටස් වලට මෙකී ලක්ෂණ කිසිවක් නැත. සිහින්ව උසට වැඩෙන මේ ශාඛ වල දුරින් අතු බෙදේ. පත්‍ර තුනී හෝ කූරු ස්වභාවයක් ගනී. පොළව එතරම් ආවරනය නොකරයි. කඳේ පාසි වැනි අපිශාඛ නොවැඩේ. කොල අතු පොළවට පතිත වූ පසු දිරා යෑමට බොහෝ කලක් ගතවේ. එයට හේතුව මේ ගස් වලට ආවේනික සැරක් සහිත රෙසීනවල ක්‍රියාකාරිත්වයයි. කඳුකරයට පැතිරෙන මීදුම් වලාකුළු වලින් තෙතමනයක් උරා ගැනීමට මේ ලක්ෂණ සුදුසු නොවේ. පයිනස් වගා පැතිරුනු ප්‍රදේශයක පොළව මතුපිට ඇති දිරා නොගිය කොළ අතු පොලිතින් ආවරනයක් මෙන් ක්‍රියා කරයි. තද වර්ශාපතනයකදී වුවත් පොළවට හොඳින් වතුර උරා ගැනීමට පෙර වැසි ජලය පහත් බිම් කරා වේගයෙන් බැස යයි. පස සෝදාපාළුවටද එය අනියම් ආකාරයකින් හේතු වී තිබේ. මේටික තේරුනානම් අතීතයේ වෙල්ලස්ස හරහා ගලාගිය බොහෝ දියපහරවල් ඇල දොල මේ වන විට නිකම්ම හිස් අගල් බවට පත් වී ඇත්තේ කෙසේද යන්න හිතාගන්නට අමාරු නැහැ.
අද කඳුකර පරිසරයටත් බණ්ඩාරවෙල ජනතාවටත් මේසා විශාල හානියක් සිදුකරන්නට බලපෑවේ දේශපාලකයින්ට එදා සංවර්ධනවාදී මෝඩ උගතුන්ගෙන් ලැබුනු කේවට්ට උපදෙස් සහ දේශපාලකයින්ගේ යෝධ ව්‍යාපෘති මානසිකත්වයයි. අද බදුලු දිස්ත්‍රික්කයේ කඳුකරය වසා පැතිරුනු පයිනස් වගාව ඉවත් කර නැවත කඳුකර වනාන්තර ව්‍යාප්ත කිරීම කෙටි කලකින් එක්වර කළ හැකිදැයි කෙනෙක් ප්‍රශ්න කරන්නට ඉඩ ඇති නමුත් එය දිගුකාලීන විසඳුමක් ලෙස කළ යුතුම දෙයක්. වෙල්ලස්සට කඩිනමින් ජලය දීමට අවශ්‍යනම් සහ එය උමා ඔයෙන්ම කරගතයුතු නම් එයද කිරීමට හපුතලේ කඳුවැටිය හාරා අමාරුවෙන් උමං තැනීමට වඩා වෙන විකල්ප තිබී ඇත. පට්ටිපොල හෝටන් තැන්න අඹේවෙල ඔහිය ප්‍රදේශ වලින් ඇරඹෙන උමා ඔය නුවර එළිය උස් කඳුකරයත් හපුතලේ කඳුවැටියත් අතර මිටියාවත ඔස්සේ බදුලු දිස්ත්‍රික්කයේ උතුරු දෙසට ගලා බසී. බදුලු දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ ජනාකීර්ණ නොවන ප්‍රදේශ හරහා ඇලමාර්ගයකින් හා අවශ්‍ය තැන් වල කුඩා උමං මගින් ජලය ගෙනගොස් වෙල්ලස්ස ප්‍රදේශය හරහා ගලා යන කුඩා ගංගා වල ජල ප්‍රමාණය වැඩි කිරීම දේශීය තාක්ෂණයෙන් පරිසර හානියක් සහ මහජන පීඩාවක් නැතිව කිරීමට තිබුණි. එසේම වෙල්ලස්සට බලපාන ජල හිඟයේ ස්වභාවය අනුව ජල සැපයුම පාලනයක් ඇතිව කළ හැකි පරිදි ඉදිකිරීම් කරන්නටද හැකියාව තිබේ. එහෙත් දේශපාලකයින්ගේ සිත ගියේ විශාල අවදානමක් ගෙන ජනාකීර්ණ ප්‍රදේශයකට පහලින් විශාල කඳුවැටියක් පසාරු කරගෙන උමගක් හාරා වෙල්ලස්සට ජලය ගෙන යෑමටයි. ඒ යෝධ ව්‍යාපෘති මානසිකත්වයේ හැටිය.
යෝධ සංවර්ධන ව්‍යාපෘති ආටෝපයට අප තවත් රැවටිය යුතුද? සංවර්ධන ව්‍යාපෘති කළ යුත්තේ රටට හා පරිසරයට දැරිය හැකි මට්ටමින් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට. අපට පරිසරය හෝ වෙනත් කිසිදු වටිනා දේකට මුල් තැනක් නොදී සංවර්ධනය පසුපස පිස්සන් මෙන් දිව යන්නට අවශ්‍ය මානසිකත්වය සකසන්නේ බොරු උගතුන් හා වාමාංශික මනස්ගාත වලින් ඇට්ටකුනා වී ගිය ඔලුගෙඩි ඇත්තන්ට පමණකි. අපට රටක් හැටියට අපේ පරිසරය හා අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම් එක්ක ලෝකයේ ඉදිරියට යන්නට නොහැකි බවට බොරු හීනමානයක් ඇති කරන්නේත් මොවුන්මයි. මේ කාලකන්නින්ට මහ ඉහලින් වැජඹෙමින් රටත් දේශපාලනයත් ජනතාවගේ මානසිකත්වයත් පාලනය කිරීමට ඉඩ ලබා දීම තවත් කළ යුතු නොවේ. නාගරික මැද පංතිය යැයි කියාගන්නා කොට්ඨාශයද මේ රටට කරන්නේ සුළු පටු හානියක් නොවේ. ඒ රටේ සම්පත් නිසි ලෙස යොදා ගනිමින් රටේ ආර්ථිකය හැසිරවීමට මොළය හෝ ධෛර්ය නොමැතිකමත් එක්කම තමන්ගේ අකර්මන්‍ය ජීවිත වල සුගතිය වෙනුවෙන් රටේ සියළු වටිනා දේ බිල්ලට දී හෝ සංවර්ධන ව්‍යාපෘති කළ යුතුය යන මානසිකත්වයේ සිටීම නිසාය. අප රටක් ලෙස මේ සංවර්ධන මායාවෙන් ගැලවිය යුතුයි. එහි කිසිම වාදයක් නෑ. රටේ මින් ඉදිරියට බලයට පත්වන රජයන්ද මැද පංතියේ ගොන් බලාපොරොත්තු සඵල කිරීමට ඊනියා උගතුන්ගේ හා බොරු වමේ කාලකන්නි මතවාද පසුපස යෑම නතර කළ යුතුය. එසේ නොවුනහොත් තිස් වසරක යුද්ධයෙන් බැට කෑ රට නොගැලපෙන අවිධිමත් සංවර්ධනයෙන් බැටකෑමේ මහා ඛේදවාචකයට ගොදුරු වීම වැලැක්විය නොහැක.
Sunday, August 13, 2017
බා බා බා part 2
බා බා බා..........
ඔන්න දැන්ම සේරටම මම කියන්නේ රවී ඇමතිට ඉල්ලලා අස්වෙන්න කියල කිවුවේ මම, වෙන කවුරුත් නෙවෙයි.
රවී ඇමතිතුමාට හොඳ ආදර්ශයක් දෙන්න කියලා මම තමයි උපදෙස් දුන්නේ.
බා බා බා..................
ඇයි දන්නේ නැද්ද? රවී ඇමතිතුමා අයින් උනේ නැත්තන් මිනිහව අයින් කරන්න කියල මම ජනාධිපතිතුමාටත් උපදෙස් දීලයි තිබුනේ.
බා බා බා.......
වෙන කාටවත් මේකේ ක්‍රෙඩිට් එක ගහගන්න බෑ. මම තමයි පොර හොඳේ.
ඔන්න දැන්ම සේරටම මම කියන්නේ රවී ඇමතිට ඉල්ලලා අස්වෙන්න කියල කිවුවේ මම, වෙන කවුරුත් නෙවෙයි.
රවී ඇමතිතුමාට හොඳ ආදර්ශයක් දෙන්න කියලා මම තමයි උපදෙස් දුන්නේ.
බා බා බා..................
ඇයි දන්නේ නැද්ද? රවී ඇමතිතුමා අයින් උනේ නැත්තන් මිනිහව අයින් කරන්න කියල මම ජනාධිපතිතුමාටත් උපදෙස් දීලයි තිබුනේ.
බා බා බා.......
වෙන කාටවත් මේකේ ක්‍රෙඩිට් එක ගහගන්න බෑ. මම තමයි පොර හොඳේ.
Saturday, July 22, 2017
බා බා බා කතා වස්තුව
බා බා බා...........
මම වගේ මොන්ටිසෝරි පොඩි එකෙකුට එදා ජනාධිපති කෙනෙක් බය උනා.
බා බා බා..........
අපේ මොන්ටිසෝරියෙන් තංගල්ලෙ ට්‍රිප් එකක් ගිහිල්ලා එක තැනක බුල්ටො 17ක් කාලා, තව තැනක බුල්ටො 11ක් කෑවා. මගෙ වැඩ දන්නෑ එකෙක්.
බා බා බා............
තව තැනකදි නැන්දල මාමල මට අඬගහ ගහ වන්ඩු ආප්ප දුන්නා. එක තැනක වන්ඩු 7 යි තව තැනක ලොසින්ජර 13 කාල බුල්ටො 187කුත් කාලා කුකුල් පාලනේ උන්ඩුකපුච්චය මට තියෙනව හරිය?
බා බා බා..............
මතක තියා ගන්නලා, මම ඉස්සෙල්ලාම බොම්බයි මොටයි කෑවේ 1986 විජේකුමාරතුංග මාමයි කොල්වින් මාමයි එක්ක පෙරහැර බලන්න ගිහිල්ලා.
බා බා බා.............
මාත් එක්ක කුකුල් පාලනේ කරන්න බොලා හිතුව මදි බා බා බා...........
Thursday, June 29, 2017
මාලිංග ද? දයාසිරි ද?
බ්ලොග් එක පැත්තේ එන්න බැරි තරමට අවිවේකීයි. ඒත් පොඩි සටහනක් තියන්න හිතුවා. ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන එක අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙදී කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයන්ට තියෙන්නෙත් අති විශාල ජනප්‍රියත්වයක්. ලසිත් මාලිංග කියන්නේ අපේ රටෙන් ක්‍රිකට් පිටියට බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙක්. ඒ නිසාම ඔහුට ජනප්‍රියත්වයෙන් අඩුවක් තිබුනෙත් නෑ. නමුත් තව දෙයක් කියන්න තියෙනව. ලසිත් මාලිංග කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක් උනත් ක්‍රිකට් ක්‍රීඩාවෙදී අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම්ට ඔහු වැඩිම ප්‍රමුඛත්වය හැමවිට ලබා දුන්නය කියල කියන්නත් බෑ. ඒකට හේතුවකුත් තියෙනව. ලසිත් මාලිංග ක්‍රීඩාවෙදි ඔහුට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව කාටත් පැහැදිලි දෙයක්. ඔහු අපේ රටේ ජාතික කණ්ඩායම නිල වශයෙන් සහභාගි වුන ඇතැම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට සහභාගී වීමට අදි මදි කරමින් ඉන්දියාවේ අයි පී එල් එකට ක්‍රීඩා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ එක සිද්ධියක්. ඒවගේ දේවල් තවත් තියෙන්න ඇති. නමුත් ඔහු දක්ෂයෙක්. ඒ නිසාම ඔහුට විරුද්ධ චෝදනා වලට අභියෝග කරන්නත් ඔහුට හැකියාවක් වගේම හයියක් තිබුණා. ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙදී රට වෙනුවෙන් මීට වඩා කැපවෙනවනම් මාලිංගට ඇගිල්ල දික් කරන අයට උත්තර දෙන්නත් ලේසියි. අනෙක ක්‍රීඩාවෙදි යම් විනයක් පවත්වගන්න බලධාරීන් උත්සහ කරන එක වරදක් නෙවෙයි. ඒක ක්‍රීඩකයන්ට නරක බලපෑමක් කරන්නෙ නෑ. ලසිත් මාලිංගට ක්‍රීඩාවෙ චෝදනා එල්ල කරන අයට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මාලිංග ක්‍රීඩාවෙන්ම නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමෙන් විතරයි.
දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ ක්‍රියා කලාපය දෙස බලන්නට සිද්ද වෙන්නේ දේශපාලන ඇසින් නෙවෙයි. මම මේක කියන්නේ හේතුවක් ඇතුව. අද යහපාලන ආණ්ඩුව හැම පැත්තෙන්ම හැම එකාගෙම බයිට් එකට අහු වෙලා. දයාසිරි ක්‍රීඩා ඇමතිතුමාත් මේ යහපාලනේට මුක්කුව ගහලයි ඉන්නේ. ඉතින් යහපාලන විරෝධී මානසිකත්වෙන්ම් දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ වැඩ කටයුතු විවේචනය කරන්න මෙතනදි අපට බෑ. එහෙම උනොත් අපි යන්නෙත් මුලාවක. දයාසිරිම නොවුනත් වෙන කෙනෙක් ඔය ඇමතිකම කළත් ක්‍රීඩාවෙදි ක්‍රීඩකයන්ගේ විනයක් පවත්වාගෙන යන්න ඒ කෙනාටත් වගකීමක් තියෙනවා. ක්‍රිකත් ක්‍රීඩාවෙදි අපේ ක්‍රිකට් කණ්ඩායමටත් ඒක වලංගුයි. ඇමතිවරයා තමන් එක්ක හැප්පෙන්න එන ක්‍රීඩකයට එරෙහිව විතරක් විනය ක්‍රියාමාර්ග ගන්න යනවනම් ඒකේ වරදක් තියෙනවා. හැබැයි ලසිත් මාලිංගට තමන්ගේ පෙර දක්ෂතාවයනුයි ජනප්රියත්වයයි යොදාගෙන ක්‍රීඩා ඇමතිවරයාට අභියෝග කරන්න ඉඩක් දිය යුතුයි කියල හිතන එකත් හරි නෑ. මේ දෙපාර්ශවයම ක්‍රීඩාවට වැදගත් වගේම රටේ ක්‍රීඩාවේ කොටස්කාරයො. එකෙක් අනෙකාට අභියෝග කරන හැප්පෙන මානසිකත්වය වගේම හැල හැප්පිලි ගැටුම් වලින් පොදුවේ රටේ ක්‍රීඩාවට යහපතක් වෙන්නෙත් නෑ නේද? දයාසිරිගේ රිලා නැටුමයි මාලිංගගේ වේග පන්දුවයි සංසන්දනය කරන්න ගියොත් මාලිංග ඉදිරියෙන් බව ඇත්ත. නමුත් ක්‍රීඩා ඇමතිවරයෙකුට පැවරෙන රාජකාරීමය වගකීම් ඒ විදිහට සංසන්දනය කරන්න බෑ. මෙතනදි පෙනෙන්නට තියෙන කාරනේ තමයි ක්‍රීඩා ඇමතිතුමා වගේම මාලිංගත් අන්තෙට නොයා තම තමන්ගේ හරි වැරදි මොනවද කියල තේරුම් අරගෙන තම තමන්ගෙන් රටට සහ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්න අවශ්‍ය දේ රටට කරයුතුයි කියන එක.
Saturday, June 10, 2017
සදාදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව!
වසර ගණනාවක් අප සැම ගීතයෙන් රසගන්වා අපෙන් සදහටම සමුගත් ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.
Saturday, January 21, 2017
ජයවේවා ට්‍රම්ප්
මේ අවුරුද්දේ ජනවාරි 20 එක් පැත්තකින් ඇමරිකාවට වැදගත් වගේම අනෙක් පැත්තෙන් ලංකාවට වැදගත්. ඒ ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරදවා ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් කොන්සවේටිව් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ඇමරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දීම එදිනට යෙදී තිබුන නිසා. හිලරිගේ පරාජය හා ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ඇමරිකාවට වැදගත් උනේ හිලරිගේ ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති වලට වඩා ට්‍රම්ප්ගේ ජාතිකත්වවාදී ප්‍රතිපත්ති ඒ රටේ ජනතා සුබසිද්ධියට හා ජාතික ආරක්ෂාවට තීරනාත්මක වූ නිසයි. මේ බව තේරුම්ගත් ඇමරිකාවේ බුද්ධිමත් සැවොම ඩොනල්ඩ් ට්‍රම්ප් වටා රොක් වෙමින් ඔහුව ජනපති පුටුවට ඔසවා තැබුවා.
මේ සිද්ධියත් එක්ක යන එන මං නැති වෙච්ච තවත් කට්ටියක් ඉන්නව. අපේ ලංකාවට මේක බලපාන්නෙත් අන්න ඒ හේතුව උඩ. කෙටියෙන් කියනවනම් ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති කරපින්නාගත් හිලරි ලවා අපේ රටට බලපෑම් කරවන ගමන් ඊලාම් ගමන යන්න සූදානමින් හිටපු දෙමළ ජාතිවාදී සැට් එකට යන එන මං නැති වෙලා බලාපොරොත්තු සුන් උනා. යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායම වගේ හිලරිට පෑහෙන හැමෝම හිටියෙත් දෙමළ ජාතිවාදියාගේ පැත්තේ. අපරාදේ සිවාජිලිංගම් උන්නැහේ ගහපු පොල් ටික. අපේ හිටං හුටං වගේම රනිල් ගොයීය බලාපොරොත්තු උනෙත් හිලරි දිනයි කියලා. මේ ජෝඩුවගේ බලාපොරොත්තුත් සුන්. කොහොම උනත් අවසානයේ එකක්නම් පැහැදිලි උනා. ඒ තමයි රටේ ජාතිකත්වයට එරෙහි ජාතික හතුරු කණ්ඩායම් වල හැසිරීම අමතක වෙන තරමට දේසපාළුවන්ගේ බොරු ආටෝප කතා විශ්වාස කරන අපේ මෝඩ මහ ජනතාවට වඩා ලෝකෙ පුරා බොරුව රජ කරවන්න ගිය මාෆියා ජාත්‍යන්තර මාධ්‍ය ජාලයටම තදින් අතුල් පහරක් දීල ට්‍රම්ප් සමග ජාතිකත්වය ජයග්‍රහනය කරවපු බුද්ධිමත් ඇමරිකානුවන් අති විශිෂ්ඨයි කියන එක.
Saturday, October 8, 2016
ගුවන්යානා හා හෙලිකොප්ටර් වල ක්‍රියාකාරිත්වය දැනගන්න.
ගුවන්යානය
හෙලිකොප්ටරය
Tuesday, August 30, 2016
නෙට්වර්ක් සිකියුරිටි හිටං හුටං
ලෝකප්‍රකට සිරි ලංකාවේ නායක හිටං තුමාගේ වෙබ් අඩවිය හොරෙකු විසින් හැක් කර ඇති බව වාර්තා වෙයි. බටහිර ලෝකයටත් ඉන්දියාවටත් මේ සිරි ලංකාවේ සිට අනගි සේවයක් කරන හිටං තුමාගේ වෙබ් අඩවිය හැක් කර එකා 17 වියැති පාසැල් සිසුවෙක් කියලයි ආරංචිය. සිසුවා දැන් නඩු අහනකල් ළමා නිවාසයකළු. මොනව උනත් ඉතින් කතාව ඇත්තනම් පොඩි කොල්ලා හැබෑම දක්ෂයෙකි. ඇයි ඉතින් ලෝකප්‍රසිද්ධ නායකයෙකුගේ වෙබ් අඩවියක් හැක් කරන එක ලේසි පහසු වැඩක්යෑ. ඇරත් එහෙවු මනුස්සයෙකුගේ නිල වෙබ් අඩවිය කිවුවහම ඕකේ සිකියුරිටි එකෙන් රිංගන එක මොන තරම් අමාරු වෙයිද? එහෙම බලනකොටනම් අර කොල්ලා කරල තියෙන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒවගේම ඌට තියෙන්නෙත් පොඩි පහේ මොළයක් නෙවෙයි. ඇත්තටම බැළුවහමනම් හිටං ගොයියගේ වෙබ් එක හැක් කරන්න උවමනාව තියෙන්න ඕනේ මූ වගේ ඉස්කෝලෙ යන වයසේ එකෙකුට වඩා හිටං තුමාගේ දේසපාලන විරුද්ධවාදියෙකුට. ඔය කිවුවට අර කොල්ලගෙ දේසපාලනේ අපි දන්නවයෑ. සමහර විට ඌ මහින්ද උන්නැහේගේ ගෝලයෙක්ද කියලා අපේ වන් ශොට් අයියගෙන් දැනගන්න ඇහැකි වෙයි. කවුරුවත් මේක ගැන ඉන්ස්ටොන් ප්‍රවුත්ති සාකච්චාවක් තිබ්බෙ නැත්තේ මොකද මන්ද?
ඔක්කොම හරි කියමුකෝ හිටං තුමා වගේ ලෝකේ ප්‍රසිද්ධ නායකයෙකුගේ නිල වෙබ් අඩවිය මේන්ටේන් කරන අයි ටී උන්දැලාගේ දක්ෂතාවය ගැනත් පොඩි ගැටළුවක් තියෙනව හිටං. හිටං තුමා උන්නැහෙගේ වෙබ් එකට එබිකම් කරපු පොඩි එකා පස්සේ පන්නනව වගේ තමුන්ගේ නෙට්වර්ක් සිකියුරිටි එක බාර අයි ටී උන්දැලාගේ මොළේ තරම ගැනත් හොයල බැලුවනම් තමයි වටින්නේ. ඒ තරමට අයි ටී අපි දන්නේ නැති උනත් සාමාන්‍ය ඔපිස් එකක උනත් කොම්පියුටර් පෙට්ටියකට හරි හමන් පාස්වර්ඩ් එකක් දාන එක සාමාන්‍ය දෙයක් කියල අපට තේරෙද්දී හිටං වගේ මේ රට ගැන ජිනීව වල කතා කරන එක නවත්තලා රට බෙදෙන එකත් පෙඩරල් ආනුභාවෙන් නවත්තන්න තරම් මොළේ ඇඟපුරාම තියෙන මහ රැජිනත් අත් මේස් ගලවලා අතට අත දීපු උත්තමයෙකුගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කරන්න ඕන විදිහ හිටං අයිටී සැට් එක සෙල්ලමට ගත්තද කියලත් හිතෙනව. එහෙම වෙලා සිකියුරිටි අප්සෙට් ගිහින් හිටං ලොක්කගේ වෙබ් එක ඇතුලට අර වගේ අන්තේවාසික පොඩි එකෙකුට රිංගල හැක් කරන්න අවස්ථාව ලැබුණනම් ඉතින් හිටං තුමා උන්ට විරුද්ධවත් ඇක්සොන් එකක් ගන්න ඕනේ. අඩුම තරමෙන් හිටංගේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා මහින්ද උන්නැහේ එක්ක පාද යාත්‍රා ගිය එවුන්ද කියලා හොයන එක වන් ශොට්ට බාර දෙන්නවත් ඕනේ. කොහොමෙන් හරි හිටංව මරන්න ආපු කොටිය නිදහස් උනා වගේ අර පොඩි එකාත් නිදහස් වෙලා මයික්‍රොසොෆ්ට් එකේ හරි වෙන ඉන්ටනැෂනල් අයි ටී කොම්පැනියක හරි ලොකු තනතුරක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හිටං.
Saturday, August 6, 2016
විජයග්‍රාහී පාදයාත්රාව දැක බඩගිය උන් වෙනුවෙන් කනගාටුව!
උතුරේ විග්නේශ්වරන්ලාට කොලේ වහල බලය දෙන්න යන එකත් එක්ක තමන් කරන අනෙක් ජඩ වැඩ සේරමත් යහපාලනේට චන්දෙ දීපු සේරම අනුමත කොරා කියන මන්දබුද්ධික නිගමනේ ඉන්න එවුන්ගේ දැන් දෙකොන පත්තු වෙන්නට පටන්ගෙනය. එක පැත්තකින් යහපාලනේට චන්දය දීපු එකෙක් හොයාගන්නට බැරි තරම්. තක්කඩි යහපාලන බොරුකාරයන්ට එරෙහි ජනබලය එන්න එන්නම වැඩි වෙලා. ඒකේ උපරිමයට ආපු එක් අවස්ථාවක් පහුගිය අගෝස්තු 1වන සඳුදා අවසන් උන පාද යාත්‍රාවෙන් දකින්නට ලැබී තිබේ. පාදයාත්‍රාවට දිනෙන් දිනෙන් දින සෙනග එක් රැස් වී අවසානයේ මහා ජනගංගාවක් බවට පත්ව ලිප්ටන් වටරවුම වටේ විශාල ප්‍රදේශයක් ලක්ෂ ගනනක මිනිස් ජන ගංගාවකින් පිරෙද්දී ඇඳන් ඉන්න රෙද්දේම කක්කා කොරගත්ත යහපාළුවෝ හත් පොලේ ගාගන්නා ගමන් කක්කා ස්මෙල් එක පරයා යන පවර්ෆුල් ඇරෝමා එකක් හොයාගන්න අපොහොසත් වෙලාය. කට්ටියකට දත කට පූටු වෙලා. තව කට්ටියක් උන විකාරෙන් නොයෙක් දෑ දොඩවනවා. හිටන් හුටන් පුරුදු විදිහට තමන්ගේ අධෝමුඛය විවුර්ත කරලා කියල තියෙනවා රට හරියට කරානම් පාරවල් වල ඇවිදින්න වෙන්නේ නෑ කියලා. හැබැයි මුන්දැ රට කොරන විදිහටනම් මුන්දැව ගෙදර යවන්න චන්දයක් එනකල් මිනිස්සු ඉවසයිද කියලත් සැකයි. එහෙවු එකේ මේ යෝදය ගෙදර ගිය කාලෙක පාරක තොටක ඇවිදිනව තියා පුලස්තිපුරේ ගෙදෙට්ට වෙලා යහතින් ඉන්නවත් මිනිස්සු ඉඩ තියයිද කියලත් විශ්වාස කොරන්නටනම් බෑ. රටට අවංකව ආදරය කරන ජනතාවකගේ මහජන බලය විජාතික ජඩ බලයත් එක්ක බොරුවෙන් රාජ්‍ය බලය අල්ලන ඉන්න යහපාලන වෙස්මූනු කාරයන්ට යටකරන්න බෑ කියලා බංකොලොත් ජහපාලන කතා වලින්ම ඔප්පු උනා.
Saturday, July 16, 2016
විරුවෙකු සිහිකරමු
හසලක ගාමිණි කියන්නේ කවුද කියලා මේ රටේ වැඩිම පිරිසකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටම පාවදෙන කාලකන්නින්ටනම් හසලක ගාමිණි චරිතය වැඩක් නැති වෙයි. කුලියට ලියන යහපාළු බ්ලොග් කාරයන්ටත් හසලක ගාමිණිට වඩා දෙමළ ජාතිවාදීන් සතුටු කරන දේසපාලන තක්කඩි වැඩගත් කියලත් අමුතුවෙන්න් කියන්න ඕන නෑ. ඒත් මේරටේ ඉතිහාසය දන්න ජාතික වගකීම දන්න ජාතිකත්වයට ලැදි අති විශාල බහුතරයට හසලක ගාමිණි කියන්නේ විරුවෙක්. ඒ කොටි ත්රස්තයන්ගෙන් හමුදා කඳවුරක් බේරගත්තු ඔහු ඒ වෙනුවෙන්ම කොටි බුල්ඩෝසරය විනාශ කරමින් ජීවිතයත් අහිමි කරගත්තු නිසා. කොටින්ට අවි බලයෙන් ගන්න බැරි උන දේ උන්ගේ වර්තමාන නියෝජිත දෙමළ සන්ධාන වසලයන්ට හොර පාරෙන් බලය බෙදා දීම හරහා යහපාළු තක්කඩි රැල කටයුතු කරද්දී අපට රටට ආදරය කරන බඩගෝසතරවාදයෙන් තොර මිනිසුන් හැටියට ඒ සියළු උත්සහයන් ව්‍යර්ථ කිරීමේ වගකීමත් තියෙනවා කියල මතක් කරන්නත් කැමතියි. මේ කෙටි සටහන තබන්නේ පහුගිය 14 වෙනිදට රට වෙනුවෙන් හසලක ගාමිණි විරුවා දිවි පුදා වසර 25 සපිරීම නිමිති කොට ගෙනයි.
Monday, June 27, 2016
ඉංගිරිසින්ගේ ජාතික තීන්දුව හා යුරෝපය
පෙරේදා එනම් 2016 ජූනි 23 වනදා බ්‍රිතාන්‍යට තීරනාත්මක දිනයක් විය. ඒ එදින බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටියයුතුද නැද්ද කියන කාරනයට ජනමත විචාරනය පැවැත්වූ බැවිනි. එහි ප්‍රතිඵලය දෙස ලෝක ජනමාධ්‍ය සියල්ල දෑස් විදහා බලා සිටියේය. අවසානයේ ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය එරට යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට තීරනය කිරීමයි. එහිදී චන්ද ප්‍රතිඵල අනුව 51.9%ක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට පක්ෂ වී ඇති අතර තවදුරටත් යුරෝපා සංගමය තුල බ්‍රිතාන්‍ය රැඳී සිටිය යුතු බවට පක්ෂ වී ඇත්තේ 48.1%කි. ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ බහුතරයක් යුරෝපා සංගමයේ රැඳී සිටිමට වැඩි කැමැත්තක් දක්වා ඇති බව දකින්නට තිබූ අතර සෙසු ප්‍රදේශ වල බහුතරයක් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වැඩි කැමැත්තක් දක්වා තිබුණි. තවත් විශේෂිත සිද්ධියක් වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය තරුන පිරිසගෙන් බහුතරයක් තම රට තව දුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තීරනය කර තිබීමත් වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරනය කිරීමත් යන සිද්ධියයි.
යුරෝපා සංගමය යුරෝපා මහද්වීපයේ රටවල් අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක කරුනු ඇතුළු තවත් කාරනා ගනනාවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවයන් යටතේ ක්‍රියාත්මක වන සංගමයකි. යුරෝපා සංගමයේ ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා අතීතයකට දිව යයි. මෙහි ආරම්භය්යේදී මූලිකම අභිප්‍රාය වී ඇත්තේ රටවල් අතර යුධ ගැටීම් වැලැක්වීමයි. පසුව රටවල් අතර ආර්ථික සහයෝගීතාවයන් ඇතුළු අනෙකුත් කරුනු අනුව සහයෝගීතාවයන් වර්ධනය කර ගනිමින් යුරෝපා සංගමය ඉදිරියට ඇදී ගියේය. අපේ අවධානය යොමු වියයුතු සුවිශේෂ සිද්ධියක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම තුල තිබේ. ඒ ගැන කතා කරන්නට පෙර යුරෝපා සංගමය තුල රටවල් වල දේශපාලන තත්වය හා යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති ගැන පොඩි සැසඳීමක් අවශ්‍ය වේ. ජාතික රාජ්‍ය ලෙස යුරෝපයේ එකකින් එකක් වෙනස් වන අනන්‍යතාවයන් අනුව ගොඩනැගී තිබූ රටවල් ආර්ථික සහයෝගීතාවය මත පොදු එකඟතාවයන් වලට යන විට ඒ ඒ රටවල ජාතිකත්වයන්ට වෙන් වෙන්ව තිබූ බලය දුර්වල වී වාමාංශික සමාජවාදී හා ලිබරල් මතවාදයන් යුරෝපා සංගමය තුල ඉදිරියට පැමිණියේය. ඒ තුල ධනවාදය නැතුවා නොවෙයි. නමුත් සමස්ථයක් වශයෙන් තනි තනි රටවල ජාතිකත්වයන්හි ලක්ෂණ අභිබවා ජාතිකත්වයන්ගෙන් වෙන් වූ මගක යන වාමාංශික හා ලිබරල් ලක්ෂණ ඉදිරියට පැමිණීමක් මේ තුල ක්‍රමයෙන් වර්ධනය විය.
යුරෝපා සංගමයේ කොන්දේසි හා සම්මුතීන් වලට බැඳී සිටීමේදී එක් එක් රටවලට තම රටේ ජාතිකත්වය අනුව කටයුතු කිරීමේදී සීමාවල් ඇතිවනවා පමණක් නොව ඒ ඒ රටවල ස්වාධීනත්වයද යම් ප්‍රමාණයකට අඩු වන බව පැහැදිලි දෙයකි. මේ ගැටළුව වාමාංශික සමාජවාදීන්ට හෝ පෞද්ගලිකත්වය වැඩි වශයෙන් ඉස්මතු කරන ලිබරල් වාදීන්ට ගැටළුවක් නොවන්නේ ඔවුන් ජාතිකත්වයෙන් පරිභාහිර ගමන් මගක යන බැවිනි. එතැනදී යුරෝපා සංගමය තුලද සියළු රටවල ඔවුන් වැනිම කොටස් ඒකරාශීව ඉදිරියට යෑම සිදු වුනත් ඒ ඒ රටවල ජාතිකත්වයන් අනුව ක්‍රියා කරන කොටස් වලට එලෙස එක් වීමේ හැකියාව අඩුය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බලපෑ මූලික සංසිද්ධියද මේ පරස්පරතාවයන් අතර ඇති ගැටුම්කාරී තත්වය බව පෙනේ. එහිදී බ්‍රිතාන්‍ය ජනයා බහුතරයක් තම රටේ ජාතිකත්වය තුල සිටිමින් ක්‍රියා කර ඇති බව පැහැදිලිය. යුරෝපා සංගමය තුල රැඳී සිටිමින් එහි සම්මුති වලට එකඟව කටයුතු කර ආර්ථික හෝ වෙනත් ප්‍රතිලභ ලැබීමට වඩා තම රටේ ස්වාධීනත්වය හා ජාතිකත්වය ඉදිරියට ගෙනයෑම වැදගත් බව සැලකීම බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය තම රට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව ගත් තීන්දුව තුල ඇත.
බ්‍රිතාන්‍ය තරුණ පිරිසද වැඩි කල් නොයා වැඩිහිටියන් ඉගැන්වූ පාඩම තේරුම් ගනු ඇත. ලෝකයේ ජාතික රාජ්‍ය සක්‍රීය නොවන බවත් ඒවා ජරාජීර්න වී ඇති බවත් කියවන පණ්ඩිතයන්ට හොඳ අතුල් පහරක් වැදී තිබේ. බ්‍රිතාන්‍ය වැසියන්ගේ තීන්දුව වෙනස් කිරීමට අපේ රටේ ගොන් සිරාටයි උගේ අගමැතිටයි උන් දෙන්නට හිතවත් බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවටයි බැරි උනේ ධෛවයේ සරදමකටම විය. යුරෝපා සංගමය තුල සිටින අනෙකුත් රටවලටද තම තමන්ගේ රටවල ජාතිකත්වයන් තුලට යෑමට අවශ්‍ය මග ඉදිරියේදී නිර්මානය වනු ඇත. විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති මත සිටිමින් පරිසරය රකින්නට බැරි බවත් එකිනෙකට නොපෑහෙන මතවාද එක් විට කරපින්නා ගත නොහැකි බවත් බටහිර රටවල ජනයා තේරුම් ගනු ඇත. පෞද්ගලිකත්වය ඇදහීම වෙනුවට සමූහ වගකීම් වල වටිනාකමද ටිකෙන් ටික හෝ තේරුම් ගැනීමට බටහිර ජනයා උත්සහ කරනු ඇත. සම්ප්‍රදායික නූතන ආදී බෙදීම් සීමා මායිම් නිවැරදි දැයි සොයා බැලීමටද බටහිර රටවල ජනතාව පෙළඹෙනු ඇත. කාල් මාක්ස්ගේ විප්ලවීය ඉගැන්වීම් වලට වඩා යුරෝපයේ ජනතාව තම තමන්ගේ රටවල නිවැරදි ජාතික වැදගත්කම් හා වටිනාකම් විශ්වාස කිරීමටද ක්‍රියා කරනු දක්නට ඉඩ තිබේ. අනුන්ගෙන් කා බී රටේ ජාතිකත්වයට එරෙහි බලවේග වලට වුවත් සේවය කිරීම හොඳ ඇයි අතිශය තීරනාත්මක අවස්ථාවක වුවත් හිතන අපේ බොහෝ තරුණ කොටස් වලටත් සමහරක් උගතුන්ටත් මෙයින් පාඩම් ඉගෙනගන්නට නුදුරු අනාගතයේම ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.
Friday, June 17, 2016
සාලා පද පේලි
දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත් සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා
උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත් බැරිම උනා
පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන් කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට දැම්මාය හිටං
හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය අපට එපෝ
ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන් උත්තර බැන්දෝ
කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන් අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි අපි කියනෝ
පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන් මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට් එක පෙන්නන්නේ
සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ යන්නටයි ගියේ
කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන් අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි
පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන් මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට් එක පෙන්නන්නේ
සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ යන්නටයි ගියේ
Sunday, May 8, 2016
ලෝකයේ මිල අධිකම කෝපි
ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම් " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට " cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ.
තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/
Sunday, April 24, 2016
අධෝමුඛයක් කථා කරයි
පුක් පුක් පුක් පුක්............
එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....
පුක් පුක් පුක් පුක්...........
උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........
පුක් පුක් පුක් පුක්............
අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........
පුක් පුක් පුක් පුක්.......
මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........
පුක් පුක් පුක් පුක්........
ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........
පුක් පුක් පුක් පුක්..........
ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................
පුක් පුක් පුක් පුක්............
ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......
Wednesday, April 13, 2016
Sunday, April 3, 2016
ගෙදරදි හදාගන්න පුළුවන් පොඩි ගැජමැටික් ටිකක්
සරල වතුර මෝටරයක්
සරල බ්ලෝවරයක්
සරල ෆ්ලෑෂ් ලයිට් එකක්
සෙල්ලම් බෝට්ටුවක්
සෙල්ලම් මෝටර් කාර් එකක්
ගිනි පෙට්ටියෙන් මයික්‍රෆෝන් එකක්
සරල රෙදි සෝදන යන්ත්‍රයක්
Sunday, February 28, 2016
විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම
ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
Wednesday, February 3, 2016
එන්සිනාට නිවන් සුව අත්වේවා...!
පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.
Monday, January 18, 2016
කෝපිකඩේ අබිලිං මාමාට නිවන් සුව පතමු
කෝපි කඩේ අබිලිං මාමා කියූ පමණින් ඔහු ගැන නොදත් කෙනෙක් අපේ රටේ නැති තරම්ය. ඒ තරමට කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව මෙරට ලොකු කුඩා කාගේත් සිත් සතන් තුල පැලපදියම් වී තිබේ. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් කතාබහට ලක් උනේ අපේම රටේ එදිනෙදා සිදුවීම් සමාජය තත්වය උපදේශන ආදිය වීමත් එහි රඟපෑ සියළු රංගන ශිල්පීන් ශිල්පිනියන් අපේම සමාජයේ අපටම හුරු පුරුදු චරිත නිරූපනයත් නිසා වේ. එදා මෙදා තුර කෝපි කඩේ තුලින් අප සියළුදෙනා රසගැන්වූ නළු නිලි කැල අතර අමතක කළ නොහැකි චරිතයක් වූයේ අබිලිං මාමාගේ චරිතයයි. මේ චරිතයට කිසි දින අමතක නොවන ලෙස පන පෙවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වූයේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු නම් කලා ශිල්පියායි. ඔහු කෝපිකඩෙන් අප හඳුනා ගත්තේ තරමක හාස්‍ය උපදවන චරිතයක් ලෙසයි. ඔහු දක්ෂ වේදිකා නළුවෙකු වන අතරම චිත්‍රපට ගනනාවකද රඟපා ඇත. නැවත අප හමුවට නො එන ලෙස ජීවිතයෙන් සමුගත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු රංගන ශිල්පියාට කෝපිකඩේ රසිකයෙක් ලෙස නිවන් සුව පතනවා.
Subscribe to:
Posts (Atom)


























